Gossip

ගණිකා වෘත්තියේ යෙදවූ දෙදෙනෙක්ව අත්අඩංගුවට

 

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල පොලිස් වසමේ ජාලියගොඩ, බෝකුන්දර ප්‍රදේශයේ දී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශ අංශයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 42ක් හා 29ක් වන කෙසෙල්වත්ත සහ රත්නපුර ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසීය පවසනවා.

සැකකාරියන් අද (06) කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!