Gossip

ඔබ බුස්ටර් මාත්‍රාව කඩිනමින් ලබාගත යුත්තේ ඇයි ? තවත් කොවිඩ් ප්‍රභේදයක් – විකෘතිතා 46ක්

ප්‍රංශයෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා.

ලොවම සලිත කරමින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයන අවස්ථාවේ තවත් කොවිඩ් ප්‍රභේදයක් ඉස්මතු වීම සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ පවසන්නේ එය ව්‍යාකූල තත්ත්වයක් බවයි.

එම නව ප්‍රභේදයේ විකෘතිතා 46ක් ඇති බවත් වේගයෙන් පැතිරයා හැකි බවත් අනුමාන කෙරෙනවා.

IHU නමින් හඳුන්වා දී ඇති නව B.1.640.2 ප්‍රභේදය හේතුවෙන් මේ දක්වා ගිනිකොණදිග ප්‍රංශයේ 12 දෙනෙක්ව ආසාදනය වී ඇති බව වාර්තා වුණා.

එහිදී හඳුනාගත් පළමු ආසාදිතයා බටහිර අප්‍රිකාවේ කැමරූන් සිට පැමිණි අයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවටත් වාර්තා වුණා.

මේ පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ ප්‍රංශ විද්‍යාඥයින් පිරිසක් එළිදක්වා ඇති ජර්නල් වාර්තාවකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!