Gossip

කියාගන්නත් බැරි දරාගන්නත් බැරි ලොකු දුකක් තිබුණා..ආයේ ඉපදෙන හැම ආත්මෙම ඔයාගේ කුසේ ම ඉපදෙන්නම් අම්මේ – පුංචි සෙව්වන්දි ගත් දැඩි තීරණය

කරුවලගස්වැව, සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියක් නිවස අසල ළිඳකට පැන සියදිවි නසාගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, කරුවලගස්වැව පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එච්. එම්. සෙහානි සෙව්වන්දි නැමති දැරියක්.

පොලීසිය පවසන්නේ දැරියගේ මව කුලී වැඩකරමින් උපයා ගත් මුදලින් දැරියගේ අධ්‍යාපන කටයුතු සඳහා ජංගම දුරකථනයක් ලබා දී තිබූ බවයි.

මේ වනවිට සිදුකළ පරීක්ෂණවලින් සනාථ වී ඇත්තේ, සියදිවි නසාගත් දැරිය සිය ජංගම දුරකථනයෙන් කරුවලගස්වැව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි.

එම තරුණයා සමග පෙරේදා (28) සහ ඊයේ (29) උදෑසන මියගිය දැරිය කෙටි පණිවුඩ හුවමාරු කරගෙන ඇති බවත් කිසියම් කරුණක් හේතුවෙන් සිත්තැවුලට පත්ව සිට ඇති බවටත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මව, පියා හා සහෝදරිය නොමැති අවස්ථාවක සිත්තැවුලෙන් සිටි සෙව්වන්දි නිවස අසල තිබූ ළිඳකට පැන සියදිවි හානිකර ගෙන ඇතැයි පොලීසිය සැක පළ කරන්නේ.

කෙසේවෙතත් දැරිය අලුයම සිට නිවසේ නොසිටීම හේතුවෙන් ඇය අතුරුදන්ව ඇතැයි සිතා සෙව්වන්දිගේ පියා කරුවලගස්වැව පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

පසුව එම පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් නිවස අවට පරීක්ෂා කිරීමේ දී දැරියගේ අත් අකුරින් ලියන ලද ලිපියක් ද සොයා ගත්තා.

එහි “ඔයාලා මං ගැන හිතලා දුක් වෙන්න එපා මට සමාවෙන්න. කාටවත් කියාගන්න බැරි දරා ගෙන ඉන්නත් බැරි ලොකු දුකක් තිබුණා. ආයේ ඉපදෙන හැම ආත්මෙම අම්මේ ඔයාගේ බඩේ ඉපදෙන්නන්. මගෙන් ඔයාලට වැරුද්දක් උනානන් හරි මං හින්දා ලැජ්ජා වෙන්න උනානන් හරි ඒකටත් සමාවෙන්න. හැමකෙනාටම ආදරෙයි.” යනුවෙන් සඳහන්ව තිබුණා.

පසුව පොලීසිය හා කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් එක්ව අවට තිබු ළිං කිහිපයක ජලය ඉසීම සිදුකර ඇති අතර පසුව පාළු ළිඳේ තිබී දැරියගේ සිරුර හමුව තිබෙනවා.

පොලීසිය පවසන්නේ, දැරිය උදෑසන 6ට පමණ ළිඳට පැන ඇති බවයි.

දැරියගේ සිරුර පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කිරීමට පුත්තලම නාගරික හදිසි මරණ පරික්ෂක එච්. එම්. විජය සමරතුංග මහතා කරුවලගස්වැව පොලීසියට නියෝග කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!