Gossip

එක්තැන් වූ දෙමාපියන් ට පණ දෙන්න සිහින කැප කළ සෙව්වන්දි

“උදේ හවස බුදුන්ගෙන් ඉල්ලන්නේ මගේ අම්මාවයි තාත්තාවයි ඉක්මනින්ම හොඳ කරලා දෙන්න කියලා. දෙවනුවට මම පාසල් ගමන ආරම්භ කරනවා.”

එලෙස පවසන්නේ, සුදු ගවුමට සමුදී නිවෙසේ රැඳී සිටිමින් ඔත්පළව එක්තැන් ව සිටින සිය මාපියන්ට උපස්ථාන කරන කැකිරාවේ නතාෂා සෙව්වන්දි දියණියයි.

ඇය කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබා තිබුණා.

මේ වෙන විට ඇය පදිංචි වී සිටින්නේ ඇළගමුවේ කුලී නිවෙසකයි.

ඇයගේ මව සහ පියා ඔත්පළව එක්තැන් වී ඇත්තේ, පසුගිය අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්දට රෙදි මිලදී ගැනීමට ගිය අයවස්ථාවේදීය.

ඇළගමුවේ සිට දඹුල්ල නගරයට නතාෂාගේ මව පියා සහ බාල සහෝදරයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයකින් ගැටී සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථය පෙරළී ගොස් මොවුන් ගමන් කළ යතුරුපැදියේ ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් නතාෂාගේ බාල සහෝදරයා එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර පියා වන දිමාල් අසංක දෙනගමගේ සහ මව සහ උදේනි අබේරත්න දෙදෙනා ඔත්පළව වූ බව නතාෂා කියා සිටියාය.

එදා පටන් අද දක්වාම දෙපා අප්‍රාණිකව එක්තැන්ව සිටින මෙම මවට සහ පියාට සියලු ඇප උපස්ථාන සිදුකරනු ලබන්නේ, මෙම දියණිය විසිනි.

පාසල් ගමනට පවා සමුදුන් ඇය පියා සහ මව සෝදා පිරිසුදු කොට ඔවුන්ගේ කැසිකිළි වැසිකිළි සියල්ල ඉවත් කරන්නේද ඇයගේ සිය දෑතින්.

ඇය අසල නිවෙසකින් ඉල්ලා ගත් විල්බැරෝවකින් දෙමාව්පියන්ට නිවෙසට අවශ්‍ය ජලය රැගෙන එන්නීය.

මවගෙන් අසාගෙන ඉයුම් පියුම් කටයුතු ද සිදුකරන්නීය.

නතාෂාගේ එකම බලාපොරොත්තුව සහ ඉල්ලීම බවට පත් වුයේ තමන්ගේ මව පියා සුවපත් කරගැනීම බවත් දෙවනුව තමා පාසල් ගමන යන බවත් ඇය පැවසුවාය.

නතාෂාට පිළිසරණක් වෙන්න ඔබටත් හැකිනම් අමතන්න 076 17 00 203 දුරකථන අංකයට…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!