Gossip

ගණිකා වෘත්තියේ යෙදී සිටිය දී ඇල්ලූ කතුන්

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී ගණිකා නිවසයක් වටලා සැකකාරියන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගණිකා නිවාසය සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය එකක් බව පොලීසිය පවසයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (29) සවස් කාලයේදී එම වැටලීම සිදුකරලා තියෙනවා.

එහිදී ගණිකා නිවාසයේ කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් සහ කළමණාකරණයට සහායවීම සහ ගණිකා වෘතියේ යෙදීමේ අරමුණින් රැඳි සිටි සැකකාරියන් 5 දෙනෙක් අත්අඩංගුවට අරන්.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 38, 25, 31, 33 හා 41 වයස්වල පසුවන මීගහතැන්න, පානදුර, වක්වැල්ල, මොරටුව, මඩොල්සිම හා හම්බන්තොට ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය සඳහන් කළා.

සැකකාරියන් අද (30) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!