Gossip

ගිලන් ඇඳක සිට නවකතාවක් ලියා, විකුණා රෝහලට වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කළ “පවනි”

සිය ජීවිතයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් ගිලන් ඇඳක ජීවත්වෙමින් සිටින තරුණියක් නවකතාවක් ලියා පළකර ඇත්නම් එය ධෛර්යවන්ත ක්‍රියාවක්.

එම සුවිශේෂී දස්කම කර ඇත්තේ කැස්බෑව, මාකන්දන ප්‍රදේශයේ ජීවත්වන පවනි මධුභාෂිනී නම් තරුණියකි.

ඇය තමන් විසින්ම රචිත නවකතාවක් එළිදක්වා එයින් ලද ආදායමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කර තිබුණා.

25 වැනි වියේ පසුවන ඇය වසර 13ක සිට ගිලන්ව ඇඳක් මත සිය දිවිය ගෙවන්නේ වන්නේ ශ්වසන යන්ත්‍රයක් ආධාරයෙන්.

ක්‍රමක්‍රමයෙන් දුර්වල වූ පවනිට තම රෝගී තත්ත්වයත් සමග අධ්‍යාපනය ද මගහැරී ගොස් තිබුණා.

නමුත්, ඇය අතිශය ආදරය කළ ලේඛන කලාව සියලු බාධක මැද අඛන්ඩව කරගෙන ගොස් ඇත්තේ අප සියලුදෙනාට සිතීමට යමක් ඉතිරි කරමින්.

ඒ අනුව තම සිහිනයක් වූ තමන්ගේම පොතක් ලියන්නට ඇයට පසුගියදා හැකිවුණා.

ඒ “රුවල් නැවේ සතුට බිඳුණු චාරිකාව” නමැති නවකතාවය.

ඇය මෙම කතා පොත නිර්මාණය කළේද තමන් වගේම ස්වසන අපහසුතා ඇති තවත් රෝගීන් වෙනුවෙනි.

පොත අලෙවියෙන් ලද මුදල සහ තවත් පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කරගනිමින් පවනි පසුගියදා නිකවැරටිය මූලික රෝහලට රුපියල් ලක්ෂ 12ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබුණා.

තමා සිදුකළ මහඟු පුණ්‍යකර්මය ලොවට කියන්නට පවනිට නොහැකි වුවත් ඇයගේ සතුට කොතෙක්ද යන්න මේ රූපරාමු දකින ඔබට මනාව පැහැදිළි වෙතැයි අපි සිතමු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!