Gossip

සියුමැලි දෑතින් ගිළිහුණු පාලනය – බෝකුන්දර බිහිසුණු අනතුර

සුඛෝපභෝගී ජීප් රථයක් අද (29) බෝකුන්දර ප්‍රදේශයේදී බිහිසුණු අනතුරකට ලක්වීමෙන් පුද්ගලයෙකුට දිවි අහිමි වුණා.

අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCTV කැමරාවකද සටහන්වී තිබුණා.

ඒ අනුව අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැදවූ කාන්තාව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත්තා.

එම කාන්තාව අද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

සැකකාර කාන්තාව සිය පවුලේ සාමාජිකයින්ද සමඟ ගාල්ලේ සිට නුගේගොඩ සිය නිවස බලා පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුවී තිබෙන්නේ.

එහිදී ජීප් රථය මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකුගේ ද ගැටී අනතුරට ලක්වී තිබුණා.

අදාළ පුද්ගලයා අසල පිහිටි කාණුවකට විසිවී එහි සිරවී ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්ත 52 හැවිරිදි වියේ පසුවූ වේරහැර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ජීප් රථය මාර්ගය අයිනේ ගමන්කළ මෙම පුද්ගලයාගේ සිරුරේ ගැටී අසල පිහිටි වෙළෙඳසැළකට කඩාවැදී යළි මාර්ගයේ මැදට විත් නතරවී තිබුණා.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!