Gossip

සෙල්ලම ලෙල්ලම වී රශ්මික ට දිවි අහිමිවෙයි

වේගයෙන් පැමිණි එක් යතුරුපැදියක් අසල නවතා තිබූ තවත් යතුරුපැදියක ගැටී එම ස්ථානයේ තිබුණු කුඹුක් ගසක හැපීමෙන් සිසුන් තිදෙනා ඇළ ට වැටුණු බව සිද්ධිය දුටුවෙක් පැවසීය.

දඹුල්ල, කලුන්දෑව පරණගම සිදුවූ යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (28) පස්වරුවේ යතුරුපැදියක් ගසක වැදී ඇළ මාර්ගයකට පෙරළීයාමෙන් එම අනතුර සිදුව ඇති බවය.

ඉන් තවත් තවත් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව දඹුල්ල පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල පහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචිව සිටි රශ්මික දිනේෂ් සත්සර ඒකනායක නමැති පාසල් සිසුවෙකි.

අනතුරින් තුවාල ලැබූ වයස අවුරුදු 14ක් සහ 16ක් වූ පාසල් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් සිසුවා නිවසේ සිට ප්‍රතිකාර ලබන බව පොලීිසිය පැවසීය.

යතුරුපැදි දෙකකින් පාසල් සිසුන් හය දෙනෙකු දඹුල්ල කලුන්දෑව ප්‍රදේශයේ ඇළ මාර්ගය අසලින් වැටී ඇති මාර්ගය ඔස්සේ මිතුරෙකුගේ නිවසකට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව වී ඇතැයි එම සිසුන් පොලීසියට ප්‍රකාශකර තිබේ.

මියගිය සිසුවාගේ මව සහ ඥාතීන් කියා සිටියේ, පාසල් සිසුන් කීපදෙනෙකු, නිවසේ සිටි තම දරුවාට ඇමතුමක් ලබාදී රැගෙන ගිය බවය.

නිවසේ ප්‍රතිකාර ලබන සිසුවා කියා සිටියේ යතුරුපැදි දෙකකින් එක් යතුරුපැදියක තිදෙනා බැගින් මිතුරන් හය දෙනෙකු කලුන්දෑව ප්‍රදේශයේ තවත් මිතුරෙකුගේ නිවසට ගමන් කරමින් සිටියදී අනතුර සිදු වූ බවය.

එම අවස්ථාවේදී තමන් ඇතුළු මිතුරන් දෙදෙනා ඇළට වැටුණු බවත් අනෙක් මිතුරා ඇළ මාර්ගයේ ගසාගෙන ගොස් ඇති බව සිය අත්දැකීම් විස්තර කළේය.

වේගයෙන් පැමිණි එක් යතුරුපැදියක් අසල නවතා තිබූ තවත් යතුරුපැදියක ගැටී එම ස්ථානයේ තිබුණු කුඹුක් ගසක හැපීමෙන් සිසුන් තිදෙනා ඇළ ට වැටුණු බව සිද්ධිය දුටුවෙක් පැවසීය.

සිසුන් දෙදෙනෙකු ඇළේ වැටී සිටියදී ගොඩගත් අතර පාවහන් යුගළයක් පාවෙමින් යනු දැක ප්‍රදේශවාසීන් මෙම ඇළ මාර්ගය සෝදිසි කළ බවත් කිලෝමීටරයක පමණ දුරකින් ගසා ගෙන යමින් සිටි පාසල් සිසුවා සොයා ගැනීමට හැකි වූ බවත් ඔවුන් පැවසීය.

සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම සිසුන් දිනපතාම පස්වරු කාලයේ නිවෙස්වලින් යතුරුපැදි රැගෙන පාළු ප්‍රදේශවලට ගොස් යතුරුපැදියේ ඉදිරිපස රෝදය ඉහළ ට ඔසවා තනි රෝදයෙන් ධාවනය කිරීමේ සංදර්ශනවල නිරත වන බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!