Gossip

මෙච්චර ළඟ තිබිලත් අපි යන්නෙත් නෑ නාන්න.. තරුණියන් තිදෙනෙක් සඟවා ගත් සුන්දර කුමාරි ඇල්ලේ සැඟවුණු බිහිසුණු කතාව එළියට

අවිස්සාවේල්ල තුම්මෝදර කුමාරි ඇල්ලේ දියනෑමට ගිය තරුණියන් තිදෙනෙකු ඊයේ (30) සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් තිබුණා.

සැඩ පහරේ ගසාගෙන යාමෙන් අතුරුදහන් වූ 16 හැවිරිදි තරුණියකගේ සිරුර මේ වනවිට සොයාගෙන ඇති අතර අනෙක් තරුණියන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

යාපනයයේ සහ කෙරවලපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණ තරුණියන් 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ පස්වරුවේ අවිස්සාවේල්ල තුම්මෝදර කුමාරි ඇල්ලේ දියනෑමට ගොස් තිබුණා.

තරුණියන් අතුරුදන්වී ඇත්තේ, දියනාමින් සිටින අතරතුර ඇල්ලේ ජල මට්ටම එක්වරම වේගවත්වීම සහ ඉහළයාම හේතුවෙන්.

මෙලෙස දිය පහරේ ගසාගෙන ගොස් ඇත්තේ හැදල, කෙරවලපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණියක් සහ එම තරුණියගේ නිවසට පැමිණ සිටි ඥාතින් වන යාපනයේ පදිංචි 16 සහ 14 හැවිරිදි එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක්.

කෙසේ වෙතත් අතුරුදහන් වු තරුණියන් තිදෙනා අතර සිටි 16 හැවිරිදි එඩ්මන් දේවදාස් උෂාරාගේ සිරුර ප්‍රදේශවාසින්, පොලීසිය සහ යුධ හමුදාව එක්ව මේ වන විට සොයාගෙන තිබෙනවා.

ඒ පිරිස දිය නාමින් සිටි ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි ගලක සිරවී තිබියදීයි.

අතුරුදන් වූ අනෙක් තරුණියන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

සිද්ධිය දුටුවෙක් පැවසුවේ,

“මෙතන එකපාරටම වතුර වැඩිවෙනවා. උඩහා වහිනකොට. කෑ ගහනවා ඇහුණා. අපි ඇවිල්ලා කිව්වා වතුර එනවා වරෙල්ලා කියලා. 6 දෙනෙක් වගේ හිටියා. ගැහැණු 04යි. කොල්ලෝ දෙන්නා බේරුණා.”

“මිනිස්සු දන්නේ නැතුව නානවා. ඉතිං ගහගෙන යනවා. ගමේ මිනිස්සු කිව්වාට ඒ මිනිස්සු අහන්නේ නැහැනේ.. ඒකනේ වැඩේ. මෙච්චර මේ ළඟ තියෙන ඇළ අපිවත් යන්නේ නැහැ නාන්න.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!