Gossip

නිවසේ දෝෂ දුරු කිරීමට කට්ටඩියා සිදුකළ අපුරු දේ

ගෙදර තිබෙන දෝෂ දුරුකිරීමට කැඳවාගෙන ආ කට්ටඩියා, එම නිවාස හිමිකරුගේ බිරිඳ සහ දරු දෙදෙනා ද රැගෙන පළා යෑමේ පුවතක් වාර්තා වුණා.

එය වාර්තා වූයේ කුරුණෑගල, පොල්පිතිගම ප්‍රදේශයෙන්.

විවාහ වී වසර 15කට අධික කාලයක් යුගදිවිය ගතකළ පවුලක එය සිදුව ඇති බව පොලීසිය පැවසුවා.

නිවසේ සිදුකළ යුතු ශාන්තිකර්මයක් සඳහා මෙම කට්ටඩියා පැමිණ තිබුණා.

එහිදී ඇති වු සම්බන්ධතාවක් හේතුවෙන් සිය දියණිය සහ පුතාව ද රැගෙන අදාළ කාන්තාව, කට්ටඩියා සමග පළාගොස් ඇති බව වාර්තා වුණා.

අදාළ කට්ටඩියාද විවාහක දරුවන් සිටින පියෙක්.

මෙම කාන්තාවගේ සැමියා පවුලේ අර්ථික තත්ත්වය යහපත් කිරීම සඳහා එළ ගවයන් මිල දී ගෙන එම සතුන බලාගැනීම සිය බිරිඳට භාර දී ඇති බව සඳහන්.

මෙම කාන්තාව කට්ටඩියා සමඟ පළාගොස් ඇත්තේ නිවසේ තිබූ රන් ආභරණ සහ කිරි ගවයන් තිදෙනෙකු විකුණා ලබාගෙන තිබූ මුදල්ද රැගෙන බව වාර්තා වුණා.

මෙම කට්ටඩියාගේ දේවාලය ඇත්තේ නිවස අවටම ප්‍රදේශයක බව වාර්තා වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!