Gossip

බිහිසුණු දුම්රිය අනතුරු ඇසින් දුටුවෙක් කිව්ව කතාව

දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියේ ගැටී ගිනිගත් කාර් රථයේ සිටි පිළිස්සී මියගිය පුද්ගලයා පිළිබඳව මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක වත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකු බවයි.

ඔහු පෞද්ගලික ආයතනයක ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය කළ අයෙක්.

එම කාර් රථය ගිනි ගැනීම නිසා දුම්රියේ එන්ජිමට ද ගිනි ඇවිලී තිබුණා.

වනවාසල දුම්රිය ගේට්ටුව අසලදී මෙම අනතුර සිදුවී තිබුණා.

ඒ දුම්රිය ධාවනයවෙමින් තිබියදී දුම්රිය හරස් මාර්ගය හරහා සිය මෝටර් රථය ධාවනය කිරීමට ඔහු ගත් හදිසි තීරණය නිසා.

අද (01) දහවල් 12.30ට පමණ එම අවාසනාවන්ත අනතුර සිදුවුණා.

අනතුරත් සමග මෝටර් රථය ගිනිගෙන ඇති අතර අප වාර්තාකරු සඳහන් කළේ එහි සිටි පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල ලබා මියගොස් සිටි බවයි.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ උත්තරදේවී සීඝ්‍රගාමී දුම්රියේ එම මෝටර් රථය ගැටී තිබුණා.

මෝටර් රථය දුම්රියේ ගැටීමත් සමග මීටර් 200ක් පමණ ඇදීගොස් ගිනිගැනීම සිදුවුණා.

සිද්ධිය ඇසින් දුටුවෙකු සඳහන් කළේ,

“කෝච්චිය උපරිම වේගෙන් ආවේ. ඈත ඉඳන් එනවා මම දැක්කා. එළාම් එකත් වැදුනා. ස්ටේෂන් එකට පොඩි දුරයි තිබුණේ. ඒ ඉඩෙන් තමයි වාහනේ දැම්මේ. ඒ එක්කම වැදුනා. වැදි වැදි ඇවිත් රතුපාට කණුව ගාවදිම ගිනිගත්තා. මට කෑ ගැහුණා. ඇතුළේ හිටපු ගෙනාව ගන්න බෑ. පිච්චිලා හිටියේ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!