Gossip News

ආදරවන්තයන්ගේ දිනයෙදි සැමියගෙන් බිරිදට මන්න පහරක්

ආදරවන්තයන්ගේ දින ස්වාමි පුරුෂයා එල්ල කරන ලද මන්නා පහරින් බරපතළ තුවාල ලැබූ බව කියන බිරිඳක් පෙරේදා (14 දා) පස්වරුවේ රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.

මවගේ විළාප හඬ ඇසී පහළ මාලයට  දිවගොස් බැලීමේදී ඇය කුස්සියේ ලේ ගලමින් වැටී සිටි බවත්, ඒ අසල මන්නයක් අතැතිව සිය පියා කෑගසමින් සිටිනු දැක ඇති බවත් තුවාල ලැබූ තැනැත්තියගේ දියණිය පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය

අතට සිදුවූ කැපුම් තුවාල සහිතව පානදුර මූලික රෝහලට රැගෙන ආ කාන්තාව බරපතළ තත්වයේ පසුවූ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව රෝහල් ප‍්‍රකාශකයකු පැවසීය.

අනතුරින් රෝහල් ගතකර ඇත්තේ පානදුර, අලූබෝමුල්ල බෙලිකැලේ ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!