Gossip

“අපිටත් අපේ ආදායම් මාර්ගය නැතුව ගියා – වෘත්තිය අහිමි වී ගියාම ඇතිවන ආර්ථික අර්බුදය වගේම මානසික අර්බුදයත් අති විශාලයි” – දිමංක වෙල්ලාලගේ මාධ්‍යයට කිව්ව කතාව

දිමංක වෙල්ලාලගේ කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත්ත ගායකයෙක්. පසුගිය පාස්කු දිනයේ මෙරට ඇතිවූ කලබලය කලාකරුවන්ගේ එදිනෙදා ජීවිතයට බලපෑම් එල්ල වෙලා තියෙනවා. මේ දිමංක ඒ ගැන පුවත්පතක් සමග කළ කතාබහක්.

ඔබ ජීවත් වෙන්නේ ගායකයකු ලෙස හම්බ කරන මුදලින්ද?
ඔව්. ගායකයෙක් වෙලා ජනප්‍රියත්වයට පත් වෙද්දී මම මගේ සම්පූර්ණ කාලයම සංගීතය වෙනුවෙන් කැප කරන්න පටන් ගත්තා. අද මගේ ප්‍රධාන ජීවන මාර්ගය වෙලා තියෙන්නේ සංගීතය තමයි. එයින් උපයන මුදලින් තමයි මම ජීවත් වෙන්නේ.

සංගීතය වෘත්තිය කරගත් සෑම ගායකයන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ ප්‍රසංග වේදිකාවයි. එහෙම නේද?
ඔව්. ඒක අපේ පරපුරේ අයට වගේම ප්‍රවීණයන්ටත් ‍පොදුයි. විවිධ රැකියා කරන, ව්‍යාපාර කරන අය සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්නවා. ඒ අතර පූර්ණ කාලීනව සංගීතයට යොමුවෙලා සංගීතයම ආදායම් මාර්ගය කර ගත් අයත් ඉන්නවා.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාවෙන් පසුව රට තුළ ඇති වී තිබෙන තත්ත්වය මත අද සංගීත ප්‍රසංග මුළුමනින්ම වගේ ඇන හිටලා. එය ඔබ වැනි වෘත්තීය ගායකයන්ට කර ඇති බලපෑම මොන වගේද?
පසුගිය අප්‍රේල් 20 වැනිදා මම රට පුරා වූ ප්‍රසංග 5ක ගී ගයලා ගෙදර ඇවිත් නිදා ගත්තා. පසුවදා උදේ අසන්නට ලැබුණේ රටම කම්පා කරවන ආරංචියක්. එය දැඩි සංවේග ජනක සිදුවීමක් වගේම රටේ ‍පොදු ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල කළ සිදුවීමක්. ඒත් එක්ක අපිටත් අපේ ආදායම් මාර්ගය නැතුව ගියා. වසර පුරා ප්‍රසංග පැවැත්වුණත් වැඩිම ප්‍රසංග සංඛ්‍යාවක් පැවැත්වෙන්නේ අප්‍රේල් – මැයි මාස දෙකේ සහ දෙසැම්බර් මාසයේ මේ සිදුවීම නිසා මැයි, අප්‍රේල් දක්වා. භාරගත් ප්‍රසංග අතරින් 60ක් විතර අවලංගු කෙරුණා.

එය ඔබේ පසුම්බියට කළ බලපෑම මොන වගේද?
දැන් මට එදිනෙදා ජීවිතයට අදාළ සෑම කටයුත්තක් සඳහාම ඉතුරු කරගෙන තිබුණු මුදලින් තමයි වියහියදම් කරන්න සිදු වෙලා තියෙන්නේ. අපි රජයේ රැකියා කරන අය වගේ මාසික වැටුප් ලබන අය නොවෙයි. අපිට අපේ වෘත්තිය අහිමි වී ගියාම ඇතිවන ආර්ථික අර්බුදය වගේම මානසික අර්බුදයත් අති විශාලයි. ඒක මට විතරක් ‍නෙවෙයි ප්‍රසංග වේදිකාව සමග සෘජුව හා වක්‍රව බැඳුණු හැමෝටම ‍පොදුයි. කඩල වෙළෙන්දන් පවා අපිට කතා කරල අහනවා මහත්තයෝ කවදාද අපේ ෂෝ පටන් ගන්නේ කියලා.

ප්‍රසංග වේදිකාවේ අද ඔබ ඉතා ජනප්‍රිය ගායකයෙක්. සින්දු කියලා හා හා පුරා කියා අතට කීයක් හරි ලැබුණු දවස මතකද?
මම හය වසරේදි එක්තරා උත්සවයක ගී ගැයුවට පස්සේ ලියුම් කවරයක් ලැබුණා. ඒකේ රුපියල් 500ක් තිබුණා. ඒ තමයි මම සිංදු කියලා මුදලක් හම්බ කළ පළමු අවස්ථාව.

අද වෙද්දි දිමංක ප්‍රසංග වේදිකාවේ ගී ගයන්න කොයිතරම් මුදලක් අය කරනවාද?
සාමාන්‍යයෙන් මම දවසකට ප්‍රසංග 5කට වඩා භාරගන්නේ නැහැ. තියෙන ඉල්ලුම අනුව මුදල තීරණය කිරීම තමයි හැම ගායක ගායිකාවක්ම අනුගමනය කරන ක්‍රමවේදය. මමත් එහෙමයි. හැබැයි මේ ලංකාව හොලිවුඩ්, බොලිවුඩ් තරු අය කරන මිල ගණන් අපිට ගන්න බැහැ. ප්‍රසංග සංවිධායකයන්ටත් සාධාරණ, මටත් සාධාරණ මුදලක් මම අය කරනවා. දුර අනුව හා ප්‍රසංගයේ ස්වභාවය අනුවත් ඒ මුදල වෙනස් වෙනවා. ඒත් අද ගන්න මුදල තීරණය කරන්නවත් ප්‍රසංග නැහැනේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!