වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ කලහකාරී සිදුවීම්වල දර්ශන ඇත්නම් ඒවා තමන්ට ලබාදෙන ලෙස ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක සේවය කරනු ලබන මාධ්‍යවේදියෙක් සමාජමාධ්‍ය හරහා කළ ඉල්ලීමක් මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වෙමින් තිබෙනවා.
බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ මෙවැනි සිද්ධීන් උපුටා දක්වමින් යළිත් වරක් ශ්‍රී ලංකාව තුළ ආරාජික තත්වයක් ඇතිවී තිබෙන බවට ජාත්‍යන්තරය හමුවේ පෙන්වන්නට ඔවුන් උත්සාහ දරන බවයි.
මේ අතර බහින්බස්වීමක් හේතුවෙන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මියගිය මුස්ලිම් ජාතිකයෙකුගේ මරණයක් සම්බන්ධයෙන් වන පුවතක්ද ප්‍රංශ පුවත් සේවයද පසුගියදා වාර්තා කර තිබුණා.