Gossip

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ තනතුරු ඉවත් වෙයි? අද ලැබෙන තීරණාත්මක තීන්දුව මෙන්න

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය නිකුත් වීමත් ​සමගම දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වී තිබෙනවා

එමෙන්ම වත්මන් රජයේ ප්‍රධාන පාර්ශවකරු වන එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂා නොකළ ප්‍රතිඵල හිමිවීමත් සමග පක්ෂය තුළද යම් යම් අර්බුධකාරී තත්වයක් ඇතිව තිබෙන බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස පක්ෂයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. පක්ෂ නායකත්වයෙන් ඉවත් වී පක්ෂයට සහයෝගය දෙන ලෙසයි පක්ෂයේ ප්‍රබලයින් ඉල්ලා සිටින්නේ.

අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක චරිත රත්වත්තේගේ උපදෙස් මත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන තනතුරුට ඔහුගේ සහෝදරයා වන සුරේන් රත්වත්තේ පත් කිරීම හරහා සිදු වූ දුෂණ මේ ආණ්ඩුවේ කීර්ති නාමය කඩා වැටීමට හේතුවක් වූ බවයි පක්ෂයේ ප්‍රබලයින් පේනවා දෙන්නේ.

2002දී බලයට පත් වූ අවස්ථාවේදීත් මෙවැනිම තත්වයක් ඇති කරමින් ආණ්ඩුව විනාශ කරගත් බවත් මෙවරත් නායකත්ව මණ්ඩලයක් පිහිටුවා අගමැතිවරයා මේ අර්බුදය යටපත් කිරීමට උත්සහා කලද 2020 ජනාධිපතිවරණය ජයගැනීම සදහා අනිවාර්යයෙන්ම අගමැතිවරයා මේ අවස්ථාවේ ඉවත් විය යුතු බවයි එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ.

මේ අර්බුදය ගැන සාකච්ඡා කරන්නට අද සවස එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායම සමග අගමැතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවේදී අගමැතිවරයාට ඉවත් වන ලෙස දැන්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!