Gossip

ආසනය දිනාගන්න බැරිවුණ නිසා දයාසිරි ජයසේකරට ඇමතිකමත් නැතිවෙයි?

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයත් සමගම දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වී තිබෙනවා.

වත්මන් රජය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකෙහිම අපේක්ෂකයන්ගේ ආසනද ජය ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.

කෙසේවෙතත් මෙවර මැතිවරණයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අගමැතිවරයා නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය පරදා විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහය දුන් පොදුජන පෙරමුණ සමත් වුණා.

මේ අතර පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ දරුණු පරාජය නිසා ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාද සිය ඇමතිධුරය අතහැරීමට සූදානම්ව ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ක්‍රීඩා ඇමතිවරයා නියෝජනය කරන ආසනයද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහය දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජය ගැනීමත් සමගම ශ්‍රිලනිපයේ ඇමතිවරයෙකු ලෙස දයාසිරි ජයසේකරට මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමසීමට අප ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!