Gossip

කිඹුලගෙ ඇස් දෙක තද කරලා .. කැඩුන කකුල අතින් අල්ලගෙන ගොඩට ආවා

“බොල්ගොඩ ගඟේ වතුරේ බැහැලා ඉන්නකොට මට දැනුණා දණ හිසට පහළින් අධික රිදුම් දෙමින් කිසිවෙක්‌ තදට අල්ලා ගත්තා වගේ. රාත්‍රියේ නිසා මම එය අත ගා බලද්දි දැන ගත්තා කිඹුලෙක්‌ කියා. මට මතක්‌ වුණා හදිසියකදී කිඹුලකුගෙන් බේරීමට කුඩා පොත් පිංචක තිබුණු උපක්‍රමයක්‌.

එහි සඳහන් ආකාරයට මම මහපට ඇඟිලි දෙකෙන් කිඹුලාගේ ඇස්‌ දෙක තදකරගෙන හිටියා. ටික වේලාවකින් මගේ කකුල බුරුල් වුණා. වෙන් වෙන්නට කැඩුනු කකුල අතින් අල්ලාගෙන මම ඉතා අමාරුවෙන් ගඟේ ඉවුරට ඇදීගෙන ආවා යෑයි කිඹුලකුගේ ග්‍රහණයට හසුව කකුලක්‌ අහිමි වී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන කහපොළ පදිංචි නීල් පෙරේරා මහතා තම බිහිසුණු අත්දැකීම එසේ ප්‍රකාශ කළේය.

ඉකුත් දා බොල්ගොඩ ගඟේ කහපොළ ඉඳිගහ තොටුපළේදි ඔහු මෙම අකරතැබ්බයට මුහුණ පා තිබේ. ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරතව ඉන් ජයගෙන අඳුරු රාත්‍රියේ ගං ඉවුරට බඩගා පැමිණි ඔහු තම ජංගම දුරකථනයෙන් මිතුරෙකුට කතාකර නිවැසියන් දැනුවත් කර ඇත.

ඒ අනුව තවත් මිතුරන් සිව්දෙනකු සමඟ එම ස්‌ථානයට ගිය ඔහුගේ පුතා වන නිරෝෂන් පෙරේරා මහතා සිද්ධිය විස්‌තර කළේ මේ අයුරිනි.

රාත්‍රි 10.30 ට පමණ අපි තොටුපළ ළඟට ගියා. කකුලෙන් ලේ පෙරාගෙන තාත්තා ගං ඉවුරේ වාඩිවෙලා හිටියා. ඒ වෙලාවෙම මම දැනගත්තා කකුල කපන්න වේවි කියලා. යාළුවෙකුගේ වාහනයක තාත්තා නංවාගෙන යන අතර 1990 ට කතා කරලා ගිලන් රථයක්‌ ගෙන්වා ගෙන ඒකෙන් කළුබෝවිල රෝහලට ආවා. ඒ වෙලාවේ දොස්‌තර මහත්වරු ගොඩක්‌ ඇවිත් පරීක්‍ෂා කළා. පසුදින සැත්කමකටත් භාජනය කළා. කිඹුලාගේ විෂ ඉවත්කරලා දැන් සුව අතට හැරිලා. නමුත් දැන් ප්‍රශ්නයකට තිබෙන්නේ කිඹුලන් ගැනයි. අපි නාන තොටුපළවල මත්ස්‍යයන් ගණනකට කිඹුල් පැටව් ඉන්නවා. මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමුවෙන්න ඕනෑ.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ අනතුරට පත් නීල් පෙරේරා මහතා මෙසේ පැවැසීය. “නිසියාකාරව ප්‍රතිකාර ලැබුණු නිසා කකුල අහිමි වුණත් ජීවිතය බේරීම ගැන සතුටුයි. මට හිතුණේ මේ වෛද්‍යවරු දෙවිවරුයි කියලා. මෙයින් මට වන්දියක්‌ ලබන්නවත්, වීරයෙක්‌ වෙන්නවත් අවශ්‍ය නෑ. මේ තොටුපළ ආශ්‍රිතව දහස්‌ ගණනක්‌ විවිධ රැකියාවල යෙදෙන අය ඉන්නවා. මට වෙච්ච දේ ඒ අයට සිදු නොවිය යුතුයි. දැන් කහපොල හා ඉඳිගහතොටුපළ අසල කිඹුල්ලු දහසකට අධික ප්‍රමාණයක්‌ සැරි සරනවා. මම කියන්නේ නෑ කිඹුල්ලු මරන්න කියලා. නමුත් මේ මිනිස්‌ ජීවිත ආරක්‌ෂා කරන්න ඕන. ඒ නිසා මේ තොටුපළවල් ආශ්‍රිsතව ආරක්‌ෂක වැටවල් සකස්‌ කරන්න කියා මා ඉල්ලනවා. කිඹුල්ලු නිසා ඒ රැකියා කරන්න බැරිව වෙනත් රැකියා ඉල්ලා උද්ඝෝෂණය කළොත් එය වැටවල් ගහනවාට වඩා අමාරුයි.

ඔහුගේ බිරිඳ වන රෝහිණී දිල්කා මහත්මිය පැවසුවේ මෙවන් අදහසකි. “මහත්තයාට මේ අනතුර සිද්ධවෙලා මාසයකට ආසන්නයි. මම මේ ගැන අදාළ අංශවලට දැනුම් දුන්නත් මේ වනතුරු කවුරුවත් විමසන්න ආවේ නෑ. අපි මේ ආණ්‌ඩුවෙන් ඉල්ලන්නේ වැඩිවන කිඹුල් ගහනයෙන් අහිංසක ජනතාවට එල්ල විය හැකි අනතුරුවලින් මුදාලන්න කියලයි”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!