Gossip

Aishwarya Rai ගේ වයස කීයද කියලා දැනගන්න කැමතිද ? පුදුම හිතෙයි ඔයාට

භාරතය එදා මෙදා තුර සුරූපිනියන් බිහි කළ දේශයක්‌. වචී, දන්ත, වයස්‌, කේෂ, මාංශ යන පංච කල්‍යාණයම දරන සුරූපිනියක්‌ වෙන්නට නම් මහා පිනැත්තියක්‌ ද විය යුතුයි. ලෝකයේම රූමත්ම කාන්තාව ලෙස කිරුළු පළන් ඓශ්චර්යා රායි භච්චන් පසුගිය දා ඇගේ 44 වන උපන් දිනය සැමරුවා. එපමණ වයස්‌ගත වුවත්, විවාහක එක්‌ දරු කාන්තාවක වුවත් ඇගේ රූප ශෝභාව නම් මඳකිනුදු අඩු වී නැහැ. මෙයට හේතුව ඇය සම්බන්ධ වී සිටින භච්චන් පවුලේ ඉසුරුමත්කම බව යමෙකුට තර්ක කළ හැකි වුවත් මුදලට සියලුම දේ ගත හැකිද?

උපතින් ලත් සුරූපී ලාලිත්‍යවත් නාරි දේහය හැරුනු විට ඇගේ දක්‌ෂකමත්, දහිරියත්, යහ ගති ගුණත් මෙන්ම පෙර කළ පිනුත් සරි සරියේ ඊට හේතු වන්නට ඇති. ලෝක රූප රාජිනිය වුණත් ජනතාව ඇයව ආදරයෙන් වැළඳ ගත්තේ නිළියක ලෙස සිනමා ගමනයත් සමඟයි. අතිශයින් තරගකාරී බොලිවුඩ් සිනමාවේ කිරුළු පළඳින්නට පොත්තෙ රත පමණක්‌ ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා අති මහත් කැපවීමක්‌, ඉවසීමක්‌, සංයමයක්‌ මෙන්ම සහජ දක්‌ෂකමකුත් තිබිය යුතුමයි.

ඓශ්චර්යා මුලින්ම අවතීර්ණ වුණේ විලාසිතා නිරූපණයටයි. පාසල් අවධියේ සිටම රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වලටත් පෙනී සිටි ඇය පසුව ඉන්දීය රූ රුජින තරගයෙන් දෙවන ස්‌ථානය දිනා ගත්තා. ඇගේ ජීවිතයේ මුදුන් හැරවුම් ලක්‌ෂය වුණේ 1994 ලෝක රූ රැජින ලෙස අභිශේක ලැබීමයි. ඒ හා සමඟම ඇයට විශ්මිත ආලෝකවත් ලෝකයක දොරටු විවර වුණා. නමුත් ඒ ආලෝකයෙන් ගිජිකනා නොවැටී, තම ආත්ම ගෞරවය රැකගෙන විනීතව අභිමානවත් ලෙස නැගී සිටින්නට හැකි වුණේ ඇගේ බුද්ධිමත් බවත් කුඩා කල පටන් මවුපියන් ඇසුරින් ලද මනා ශික්‌ෂණයත් නිසාමයි. වරක්‌ ලංකාවට පැමිණි ඇය තමාගේ මැදහත් නිහතමානී භාවය හොඳින් විදහා පෑවා. චාම් සාරියක්‌ හැඳ තම මවත් සමග ඓශ්චර්යා පැමිණියේ සාමාන්‍ය යුවතියක්‌ ලෙස මිස ලොවක්‌ දිනූ රැජිනක්‌ ලෙස ආටෝප සාටෝප එල්ලාගෙන නොවෙයි.

san8 2

ඓශ්චර්යාගේ මේ චාම් සරල සුන්දරත්වය ඇගේ ජීවිතයටම බද්ධ වූ කොටසක්‌ වගෙයි. සිනමා කර්මාන්තය තුළ වේශ නිරූපණයට ඉතා වැදගත් තැනක්‌ හිමි වුණත්, මේ නිළිය තුළ නිසඟයෙන්ම පවතින සුන්දරත්වය නිසාදෝ ඇයට කෘත්‍රිම ආලේපන භාවිතා කරන්නට සිදු වුණේ ඉතාමත් අවම ලෙසයි. ජෝෂ් (2000) චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතය මේ සඳහා කදිම උදාහරණයක්‌. අවම හැඩගැන්වීම් ඇති ඒ නිර්මාණය ඇගේ ස්‌වාභාවික සුන්දරත්වය වඩාත් උද්දීපනය කරන කැඩපතක්‌.

ඇගේ සිනමා ගමනය සිදු වුණේ 1997 මනිරත්නම්ගේ නිර්මාණයක්‌ වූ ඉලුවර් නම් ද්‍රවිඩ චිත්‍රපටයෙනුයි. ඒ වසරේම අවුර් ප්‍යාර් හෝ ගයා නම් හින්දි චිත්‍රපටයටත් ඇය දායක වුණා. ආදායම් වාර්තා පිහිටවූ හම් දිල් දේ චුකේ සනම් (1999) සහ දේව්දාස්‌ (2002) යන සිනමා සිත්තම් වල ඇය පෑ රංගන ප්‍රතිභාව වෙනුවෙන් µsල්ම් ෙµයාර් සිනමා උළෙලේදී හොඳම නිළිය ලෙස දෙවතාවක්‌ම පිදුම් ලැබුවා.

ලෝක රූ රැජිනිය ලෙස වේදිකාවේදී දුටු සුරූපිනිය රිදී තිරයේ නළඟනක්‌ ලෙස එළි දැක්‌වූ විශිෂ්ට ප්‍රතිභාව දකිද්දී ලොව වටා සිනමා ලෝලියෝ මායා බන්ධනයකට හසු වූවන් සේ වශී වුණා.

ඓශ්චර්යා දායක වූ සිනමා සිත්තම් සමාලෝචනය කරද්දී එකිනෙකට හාත්පසින්ම වෙනස්‌ චරිත රාශියක රඟපෑමේ දුෂ්කර අභියෝගයට ඇය සාර්ථකව මුහුණ දී ඇති බව වටහාගත හැකියි. තාල් (1999) හි නාටිකාංගනාවක ලෙස කළ අතිශය ලාලිත්‍යවත් රංගනයත්, රේන්කෝට්‌ (2004) හි මානසික ආබාධයකට ලක්‌ වූ කාන්තාවක්‌ ලෙස කළ අනුවේදනීය රංගනයත් ඇය අති විශිෂ්ට චරිතාංග නිළියක බව ඔප්පු කරන කදිම සාධක වෙනවා.

ප්රොවෝක්‌ (2006) ඇගේ රංගන දිවියේ එක්‌ කඩඉමක්‌ ලෙස සිනමා ලෝලීන් විස්‌මයට පත් කෙරුවා. එක්‌සත් රාජධානියේ පදිංචි කාන්තාවක්‌ ඇගේම විවාහක සැමියාගේ අස්‌වාභාවික කාමුක හිංසනයට ලක්‌ වන අයුරුත්, ඇය අතින් වැරදීමකින් සැමියා මිය යන අයුරුත් කියෑවෙන ඒ නිර්මාණය අපට සිහිපත් කරන්නේ දඩයම සිංහල චිත්‍රපටයේ රංගවේදිනී ස්‌වර්ණා මල්ලවආරච්චිගේ අසමසම රංග ප්‍රතිභාවයි.

සර්බ්ජිට්‌ (2016) චිත්‍රපටයේ ඇය තමුන්ගේ සොහොයුරා පාකිස්‌ථාන සිරගෙයකින් නිදහස්‌ කර ගැනීමට අනවරත අරගලයක යෙදෙන නිර්භීත කාන්තාවකගේ චරිතයට පණ පොවනවා. එය ඇගේ රංගන ශෛලිය අතිශයින් මුහුකුරා ගිය අවස්‌ථාවක්‌.

මිස්‌ට්‌රස්‌ ඔµa ස්‌පයිසස්‌ (2005) චිත්‍රපටය තුළින් ඉන්දියානු කුළුබඩු කඩකාරියක්‌ ලෙසත්, ගුසාරිෂ් (2010) හි සේවයට දිවි හිමියෙන් කැප වූ මානව දයාවෙන් යුත් හෙදියක ලෙසත්, ජෝධා අක්‌බර් (2010) තුළින් අභියෝගයන්ට නිර්භයව මුහුණ දෙන ඓතිහාසික කුමාරිකා චරිතයකටත් ඇය ජීවන හුස්‌ම පිඹිනවා.

විද්‍යාත්මක ක්‍රියාදාම චිත්‍රපටයක්‌ වූ එන්ත්රිරාන් (2010) හි නිරූපිත චරිතයෙන් ඇය ඇගේ රංගන දක්‌ෂතා නව මානයකට ගෙන ගියා.

ඓශ්චර්යා රායිගේ රංගන හැකියාවන් අගය කරමින් ඉන්දීය රජය 2009 දී ඇයට පද්ම ශ්‍රී සම්මානය පිරිණැමුවා. පිට පිටම 11 වතාවක්‌ µsල්ම් ෙµයාර් උළෙලේ හොඳම නිළිය ලෙස අවසාන වටයට නිර්දේශ වුණා.

රංගන භූමිකාවට අමතරව ඇය ක්‍රියාකාරී සමාජ සේවිකාවක්‌ද වෙනවා. ඓශ්චර්යා ලොව පුරා සමාජ සේවා සංවිධාන ගණනාවක සන්නාම තානාපතිනිය ලෙසත්, එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ඒඩ්ස්‌ රෝග නිවාරණ වැඩසටහනේ සම්මාන තානාපතිවරිය ලෙසත් ඇය අනුපමේය මානව හිතවාදී මෙහෙවරක යෙදී සිටිනවා. ඒ වාගේම ලෝකයේ අංක එකේ මහා සිනමා සැනකෙළිය වූ කෑන්ස්‌ සිනමා උළෙලේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කරන්නට ඇරයුම් ලද පළමු ඉන්දියානු නිළිය වුණේ ඇයයි.

ඇය සාමාන්‍ය ජීවිතයේදී බොලිවුඩ් නළු අභිශේක්‌ භච්චන්ගේ දයාබර බිරිඳ ලෙසත්, සුන්දර කෙළි පැංචියකගේ මවක ලෙසත් තෘප්තිමත් විවාහ ජීවිතයක්‌ ගත කරන කාන්තාවක්‌.

ජනතාවගේ හදවත් දිනා ගැනීමට රූමත් වීමත් අතමිට යහමින් තිබීමත් පමණක්‌ ප්‍රමාණවත් නොවන බවත්, කුමක්‌ හෝ වේවා තම තමුන්ට අදාල ක්‌ෂේත්‍රයේ බහුතර ප්‍රසාදය දිනාගෙන වැජඹෙන්නට නම් දක්‌ෂකමත්, බුහුටිකමත්, නිහතමානී බවත් අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු බවත් තමයි මේ සුරූපිනිය අපට කියා දෙන පාඩම.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!