Gossip

ලොවක් කතා කළ ආදර සම්බන්ධය හෙළි වෙයි – විවාහයත් සම්ප්‍රධායෙන් බැහැරවයි

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ පෙම් පලහිලව්ව ගැන පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණු මාතෘකාවක් වුණා.

ඒ ඇමෙරිකානු නිළියක් වන මෙග්හන් මාකල් සමගයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යයන්ගේද විශාල අවධානයක් යොමු වුණා.

අනතුරුව හැරී කුමරු මාකල් සමග ආදර සම්බන්ධයක් ඇති බවට ප්‍රකාශ කළා.

ඒ අනුව ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම පිළිබඳව අද දිනයේ ප්‍රකාශ කන බව විදෙස් මාධ්‍යවල සඳහන් වනවා.

මාකල්ගේ දෙමාපියන් වන තෝමස් මාර්ක්ල් සහ ඩොරියා රග්ලන්ඩ් තම දියණියගේ ආදර සම්බන්ධතාවය ගැන කියා තිබුණේ මෙලෙසයි. “අපි මෙගන් සහ හැරී ගැන ගොඩක් සතුටු වෙනවා. අපේ දුව හැම තිස්සෙම කරුණාවන්ත හා ආදරණීය කෙනෙක්. ඒ ගුණාංගවලට සමාන හැරී වැනි කෙනෙක් අපේ දුවට ලැබීම ආඩම්බරයක්”.

එමෙන්ම හැරී කුමරුන් විවාහ වන්නට යන මාකල් හැරී කුමරුන්ට වඩා අවුරුදු 03කින් වැඩිමල් බවද පැවසෙනවා.

මේ දෙදෙනාගේ විවාහය සම්ප්‍රධායෙන් ඔබ්බට ගොස් වෙනස්ම ආකාරයකට සිදු කරන බවටද රාවයක් පැතිරෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!