Gossip

ලංකාවට “රෝහින්ග්‍යාවරු” ගෙන්නනවා කියන රටම කැලඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

මේ දිනවල නිතරම කතාවෙන වචනයක් තමයි රෝහින්ග්‍යාවරු කියන්නේ ඇත්තටම කවුද මේ රෝහින්ග්‍යාවරු කියන්නේ මේ කට්ටිය ලංකාවට ගෙන්නනවා කියන්නේ ඇත්තද ඇත්තටම ඒ කතාව බොරුවක් කියලා තමයි ආරංචි. මේක කවුරුන් හරි ලංකාවේ මිනිස්සු අවුස්සන්න කරපු වැඩක් කියලා තමයි කියන්නේ. කොහොමවුනත් මේ ගැන විස්තර ටිකක් ඔබට කියන්න අප හිතුවා. මේ ඒ ගැනයි.

මියන්මාරයේ ඇති වී තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්යා ජාතිකයන් 90,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පැන ගොස් ඇති බවට වාර්තා සඳහන් කරනවා. දින 10ක් ඇතුළත් රෝහින්ග්යා සරණාගතයන් 87,000ක් බංග්ලාදේශයට පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව පෙන්වා දෙනවා.

අගෝස්තු 25 වැනිදා රෝහින්ග්යා කැරැලිකරුවන් පොලිස් මුරපොළවලට සහ හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරයක් සමඟ නව ගැටුම් ඇති වූ අතර මෙතෙක් පැවැති ගැටුම්වලින් 400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිවිල් වැසියන් ඝාතනයට ලක්වීම සහ නිවාසවලට ගිනි තැබීම්වලට වගකිව යුත්තේ රෝහින්ග්යා සටන්කාමීන් යැයි මියන්මාර බලධාරීන් චෝදනා කළ ද හමුදාව නිසා ගැටුම් ඇති වූයේ යැයි බංග්ලාදේශයට පැන ගිය රෝහින්ග්යාවරුන් සහ නිරීක්ෂණ සංවිධාන චෝදනා කරනවා.

රෝහින්ග්යා මුස්ලිම්වරුන් බංග්ලාදේශයට පැමිණීමත් සමඟ සහන සේවා සපයන සංවිධාන සහ බංග්ලාදේශ ජනතාවද විශාල අර්බුදයකට මුහුණ දී සිටින අතර මීට පෙර පැමිණි දහස් ගණනක් නිසා සහන ආයතනවලට සහ විවිධ ප්‍රජාවලට පැමිණෙන සරණාගතයන්ට සහන සැපයීම දුෂ්කර වී තිබේ.

බෞද්ධයන් බහුතරයක් ජීවත්වන මියන්මාරයේ ආසන්න වශයෙන් රෝහින්ගියාවරු මිලියන 1.1ක් පමණ ජීවත්වෙති. එරට නායිකාව වශයෙන් කටයුතු කරන අවුන් සාන් සූකි මුහුණ දී තිබෙන ප්‍රධානතම අභියෝගය වනුයේ ද මෙම රෝහින්ග්යාවරුන්ගේ අර්බුයයි. එරට සුළුතර ජනකොටසක් ලෙසින් සැලකෙන රෝහින්ග්යාවරුන් වෙනුවෙන් කතා නොකිරීම සම්බන්ධයෙන් ඇය බටහිර රටවල විවේචනයට ලක්ව තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා කාලයේදී රෝහින්ග්යාවරුන් 150,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයේ සරණාගතභාවය ඉල්ලා ඇතැයි එක්සත් ජාතීන්ගේ සහ සහන සේවකයන්ගේ ගණනය කිරීම් මත පදනම් වූ නවතම ඇස්තමේන්තුවල සඳහන් වනවා.

අනවසරයෙන් රැඳී සිටින බව පැවසෙන 40,000 ක් පමණ රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් සිය රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශය සහ මියන්මාරය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ඉන්දීය රජය පවසනවා.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක කේ.එස්. ධාත්වලියා මේ බව පවසා ඇත්තේ 11 සිකුරාදායි.

බෞද්ධයන් බහුතරයක් වෙසෙන මියන්මාරයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා 1990 මුල් කාලයේ සිට දස දහස් ගණනක් රෝහින්ග්‍යා වාසීන් අසල්වැසි බංග්ලාදේශයට පලා ගියා.

ඔවුන්ගෙන් සමහරක් හින්දු බහුතරයක් වෙසෙන ඉන්දීය දේශ සිමා තරණය කළා.

රෝහින්ග්‍යාවරු 14,000 ක් පමණක් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශයේ ලියාපදිංචිව සිටින බැවින් නීතිවිරෝධී අයුරින් රැඳී සිටින අනෙකුත් පුද්ගලයන් රටින් පිටුවහල් කළ යුතු බව ඉන්දීය රජය ප්‍රකාශ කර සිටිනවා.

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට ඉන්දියාව අත්සන් තබා නැති අතර කිසිදු දේශීය නීතියකින් ද එය ආරක්ෂා වන්නේ නැහැ.

“අපි මේ කාරණාව ගැන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බංග්ලාදේශය සහ මියන්මාරය සමඟ කතා කෙරෙනවා,” යනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ නියෝජිත කේ.එස්. ධාත්වලියා පවසා තිබෙනවා.

අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් හඳුනාගෙන පිටුවහල් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කාර්ය සාධක බලකායන් අනියුක්ත කිරීමට ෆෙඩරල් රජය විසින් ප්‍රාදේශීය පාලන ආයතන වෙත උපදෙස් ලබා දී තිබෙන බව කනිෂ්ට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කිරාන් රිජ්ජු පසුගිය 9 බදාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පවසන්නේ රොහින්ග්‍යාවරු නෙරපීම සහ ඔවුන්ගේ වගකීමෙන් මිදීම “අයුක්ති සහගත ක්‍රියාවක්” බවයි.

පිටුවහල් කිරීම සම්බන්ධ “කරුණු සොයා බැලීමට උත්සහ කරන” බව සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියාව තුළ වැඩි වශයෙන් රෝහින්ග්‍යා වැසියන් වාසය කරන්නේ ජම්මු, උත්තර් ප්‍රදේශ්, හර්යානා, උතුරේ දිල්ලිය, දකුණේ හයිද්‍රාබාද් සහ බස්නාහිර රාජස්ථාන් යන ප්‍රදේශවලයි.

පසුගිය සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකාවට පැමිණි මියන්මාර සරණාගතයන්, සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) වෙත වහාම භාර දෙන මෙන් අධිකරණය ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවට මේ සතියේ නියෝග කර තිබුණා.

ඉකුත් පස් වසර තුලදී රෝහින්ග්‍යා වරුන් 168,000 ක් දිවි ගලවාගැනීම සඳහා විදේශ වලට පලා ගොස් ඇති බව UNHCR ප්‍රකාශ කරනවා.

මේ අතර පසුගියදා මේ වෙනුවෙන් කොළඹදී විරෝධතා රැලියක් සංවිධාන කර තිබුණා. මෙහිදී උණුසුම් තත්වයක් ඇතිවුණා. මේ අද දෙරණ කල වාර්තාවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!