Gossip

පෘථිවියට සමාන කෙප්ලර් ටූ ග්‍රහයාගේ ජල වාෂ්ප ඇති බවට සොයාගැනේ..

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි, පෘථිවියට බෙහෙවින් සමාන කෙප්ලර් ටූ නම් ග්‍රහලෝකයක් පිළිබඳව විද්‍යාඥයන් මීට පෙර ලොවට හෙළිදරව් කර තිබෙනවා.

එම ග්‍රහලෝකයේ වායුගෝලය තුළ ජල වාෂ්ප පවතින බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත දුරස්ථ තාරකාවක් වටා භ්‍රමණය වෙමින් පවතින කේ ටූ එයිටීන් බී ග්‍රහලෝකයේ වායුගෝලය තුළ ජල වාශ්ප පවතින බව පළමු වරට හෙළි වී ඇත.

අදාළ ග්‍රහලෝකයේ උෂ්ණත්වය පෘථිවියට බෙහෙවින් සමාන වන බවද විද්‍යාඥයන් පවසයි.

ඒ අනුව පිටසක්වල ජීවින් පිළිබඳ අධ්‍යයනය සඳහා අදාළ ග්‍රහලෝකය බෙහෙවින් සුදුසු බවයි විද්‍යාඥයන් පෙන්වා දෙයි.

ජීවය පැවතිය හැකි ග්‍රහලෝකයකින් ජල වාශ්ප ඇති බවට අනාවරණ කරගත් පළමු අවස්ථාව මෙය බවයි ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි විද්‍යාඥවරියක් ප්‍රකාශ කළේ.

නව අභ්‍යවකාශ දුරේක්ෂ භාවිතයෙන් වසර 10ක් ඇතුළත අදාළ ග්‍රහලෝකයේ වායුගෝලය තුළ අඩංගු වායූන් පිළිබඳව නිශ්චය කරගනු ඇති.

එහිදී ජීවින් සිටින කලාපයක පමණක් නිපදවෙන වායූන් වර්ග හඳුනා ගැනීමට හැකිවනු ඇතැයිද විද්‍යාඥයන් විශ්වාසය පල කරයි.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 111ක් දුරින් පිහිටා තිබෙන බැවින් කේ ටූ එයිටීන් බී ග්‍රහලෝකය වෙත පරීක්ෂණ කණ්ඩායමක් යැවීම දුෂ්කර බව පරීක්ෂණ කණ්ඩායමේ අදහසයි.

එබැවින් අදාළ ග්‍රහලෝකය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට ඇති එකම මග වැඩිදියුණු කරන ලද අභ්‍යවකාශ දුරේක්ෂ යොදාගැනීම පමණක් බවද ඔවුන් පෙන්වා දෙයි.

කේ ටූ එයිටීන් බී ග්‍රහලෝකය පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාල වන අතර එහි ස්කන්ධය පෘථිවියේ ස්කන්ධය මෙන් අට ගුණයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!