Gossip

“සුදු රෙද්දක ඔතලා ඔයාව මෙහෙම දකින්න මගේ ඇස් පව්කාරයි තාත්තේ” – අවසන් ගමන් ගිය පිය සෙනෙහස වෙනුවෙන් උතුරා ගිය දරු සෙනෙහස

තාත්තා කෙනෙක් තමන්ගේ ආදරණීය දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම කියලා නිම කරන්නත් බෑ.
ඒ තරමටම දුක් දහදිය කඳුලු වගුරවලා තමන්ගේ දරුවගේ අනාගතය ලස්සන කරන්න තාත්තා කෙනෙක් අපමණ වෙහෙසක් ගන්නවා.
ඒ සෙනෙහස කොයි තරම් අපේ ජීවිතවලට ශක්තියක් වෙනවද..
ඒත් අකාලයේ ඒ සෙනෙහස අපෙන් ඈත් වුණොත් ඒක දරාගන්න ගොඩක් අමාරුයි.
ඒ විදිහට අකාලයේ සමුගත් තාත්තා ගැන ලියවුණු අපූරු සටහනක් අපිට හමුවුණා.
ඔබත් මෙය කියවලම බලන්න කොයිතරම්නම් හදවතට දැනෙනවද කියලා..

මහ හයියෙන් මම කෑ ගහලා කතා කරාට තාත්තා ආය කතා කරේ නෑ.
අනේ මගේ රත්තරං තාත්ත මාව දලා යන්න ගිහින්.

ජිවතේ මගේ හුස්ම පණ මාව දලා යනකොට මම මහ හයියෙන් කැ ගැහුවා.
ලෙඩක් හැදෙනවටත් අපි බය වුණා. කොහොමද ජිවත් වෙන්නෙ කියලා අදටත් මම දන්නැ…
එ්ක හීනයක් වගේ, අදටත් කැ ගහලා අඬනවා,, පස් වලට කතා කරන්න පුලුවන් වුනානම් කියයි තාත්තාට මගේ වේදනාව..

කකුල් දෙක ගැටගහනකොට
රිදුනේ ඔයාට නෙවෙයි මටයි තාත්තේ
ඔය හුස්ම නතර වෙනකොට
හුස්ම නතර වුනේ මගෙයි තාත්තේ…

සුදු පාට අදින්න අකමැති වුණ ඔයා
සුදු රෙද්දක ඔතලා තනිවෙලා
ඔය කාමරේ ඉද්දි විදෙව්වෙ මමයි තාත්තෙ…
අනේ ඔයාට දැනෙනවද…?

ඔය ඇඟේ රස්නෙ අඩුවෙලා
ඇඟ සීතල වෙනකොට
මමත් මැරුණා තාත්තේ..
ඔයා දන්නෙ නෑ තාත්තේ..

හැමදාමත් ඔයාට කලින් මේ ලෝකෙන්
මම යන්න කියලා හිතුවට
අද තනියම ඔයා යන්නම යනවා
අදයි මම මැරුණේ තාත්තේ.

 

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!