Health & Beauty

ස්වාභාවිකවම දත් වල කහට පැල්ලම් ඉවත් කර ගැනීම සදහා විසදුම් 6ක් – Photos

පුද්ගලයෙක්ට තියෙන වටිනාම දේ සුන්දර සිනහව කියලා අපි අහලා තියෙනවා. ඒ වුනත් අපේ දත් වල ඇති කහට පැල්ලම් හා දත් දිරායාම් වැනි දේවල් වලින් නම් මුහුණට එකතු කරන්නේ ඉතා අසුන්දරත්වයක්. දුම් පානය, අධික කෝපි පානය හා නිතර දත් සුද්ද කරවා නොගැනීම වැනි හේතු නිසා දත් වල ඉතා තද පැල්ලම් ඇතිවෙනවා. අද අපි ඔබට අරගෙන එන්නේ ඔබේ දත් වල ඇති මැලියම් ඉවත් කරගැනීමට ඉතා සරල හා ස්වභාවික විසඳුම් කිහිපයක්.

බේකිං සෝඩා

බේකිං සෝඩා ස්වභාවික ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කරන්න පුලුවන්. එසේම බේකිං සෝඩා කියන්නේ ප්‍රතිකර්ම රැසකටම භාවිත කරන දෙයක්. බේකිං සෝඩා මේස හැන්දකට ලුණු ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන් පසු ඔබේ දත් බුරුසුව තෙමා එම මිශ්‍රණයේ ගිල්වා දත් මැදීමට ගන්න. මෙය නිතිපතා සිදු කිරීමෙන් ඔබේ දත් වල ඇති කහට පැල්ලම් ඉවත් වී යයි.

කොහොඹ හා ග්ලිසරින්

ඉතා ප්‍රභල හා ස්වභාවික දන්තාලේපයක් සාදා ගැනීම සදහා පහත ක්‍රමවේදය අනුගමනය කරන්න.

අවශ්‍යය දෑ :

  • වතුර කෝප්පයක්
  • බේකිං සෝඩා කෝප්ප 1/2ක්
  • කොහොඹ සාරය තේ හැන්දක්
  • එළවලු ග්ලිසරින් තේ හැඳි 4ක්
  • ලෙමන් තෙල් තේ හැන්දක්

මේවා සියල්ල හොඳින් මිශ්‍ර කොට එම මිශ්‍රණය ස්වල්පයක් දත් බුරුසුවට ගෙන දත් මදින්න. ඔබට විනාඩියකින් සැබෑ වෙනසක් අත් විඳින්න පුලුවන්.

දොඩම් ලෙලි

දොඩම් ලෙල්ලක් ගෙන එය දත් වල හොඳින් අතුල්ලන්න. ඔබේ දත් වල එනමලය පිටිසිදු කර ගැනීම සදහා මෙය ඉතා පහසු ක්‍රමවේදයකි. එසේම මෙමගින් ඔබේ දත් සුදු වීමත්, පැල්ලම් ඉවත්කිරීමත්, බැක්ටීරියා ඉවත් කිරීමත් සිදු කරනවා. ඔබ මෙය සිදුකිරීමෙන් පසු වතුරෙන් කට සෝදා හරින්න.

සෙසමි ඇට

සෙසමි ඇට මිටක් ගන්න. එය විනාඩි කිහිපයක් හොඳින් හපන්න. ඉන් පසු එය එලියට දමන්න. මෙමගින්ද ඔබේ දත් වල පැල්ලම් ඉවත් වී යයි. ඔබ එය මුඛයෙන් එලියට දැමූ පසු වියළි දත් බුරුසුවක් ගෙන ඉතිරි වී ඇති සෙසමි කැබලිත් ඉවත් කරගන්න. එසේම මෙය ස්ක්‍රබ් එකක් ලෙසත් භාවිතා කරන්න පුලුවන්.

විටමින් ටූත් මාස්ක්

විටමින් සී බහුල පළතුරු හා එළවලු මිශ්‍රණයකින් ඔබට පුලුවන් දත් වල පැල්ලම් නැති කරගැනීම සදහා ඉතා කදිම දන්තාලේප‍යක් සාදා ගැනීමට.මේ සදහා තක්කාලි, ස්ට්‍රෝබෙරි හා දොඩම් මිශ්‍ර කොට මිශ්‍රණයක් සාදා ගන්න. ඉන් පසු එය ඔබේ දත් වල ආලේප කොට විනාඩි 5ක් හෝ 6ක් තබා සෝදා හරින්න. මෙමගින් දත් වල පැල්ලම් නැති කරනවාට අමතරව ඔබේ දත්වල ඇති බැක්ටීරීයා ඉවත් කොට මුඛ‍යේ නැවුම් සුවඳක් ඇතිකරනවා.

විනාකිරි විසඳුම

මෙය කිසිසේත්ම මුඛයට රසයක් ගේන විසඳුමක්නම් නෙමෙයි හැබැයි මෙමගින් ඔබේ දත් වලට කිසිම හානියක් නොකර ඉතා පහසුවෙන් දත් වල මැලියම් ඉවත් කරනවා.

අවශ්‍යය දෑ :

  • විනාකිරි මේස හැඳි 2ක්
  • ලුණු මේස හැන්දක්
  • වතුර අවුන්ස 4ක්

මේවා සියල්ල එකට මිශ්‍ර කොට මිශ්‍රණයක් සාදා ගන්න. මෙම මිශ්‍රණයෙන් කට සෝදා හරින්න. ඉක්මන් ප්‍රථිපලයක් සදහා එකදිගට දින කිහිපයක් කරන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!