Health & Beauty

“අයියෝ මම මහත වැඩියි.. මගේ බඩ වැඩියි.. කිසි ලස්සනක් නෑ..” – ඔබත් මේ විදිහට හිතන කෙනෙක්නම් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවන්න

අනේ මම මහත වැඩි, මගෙ බඩ වැඩී අනේ, මට එපා වෙලා ඉන්නෙ අනේ මේ ඇගත් එක්ක මට ලස්සනටඇදුමක්වත් අදින්න බෑ , අපේ එක්කෙනා කියනවා අනේ මම දැන් පිටි මුට්ටයක්
වගේ කියලා.
මේ දවස්වල වැඩියෙන්ම අපේ කාන්තාවන්ගෙන් අහන්න ලැබෙන කතා තමා මේ තියෙන්නේ..
දැන් තියන life style එකත් එක්ක මේ තත්වය එන්න එන්න වැඩිවෙනවා. හැම කෙනෙක්ම කාර්යයබහුල ජීවිතයක් තමයි ගෙවන්නේ.ඉතින් තමන්ගෙ ඇග ගැන හිතන්න වෙලාවක්
නැතිවෙලා තියෙන්නෙ.Trend එකක් විදියට අපේ තරැණ පරපුර තමන්ගෙ body එක maintain කළත් එක නවත්වන්නැතුව දිගටම කරගන යන්නේ කීපදෙනයි. marry කලාට පස්සේ
කොහොමවත් තමන්ගෙ ඇග ගැන හිග‍තන්න කාන්තාවන් යොමුවෙන්නෙ නැහැ.
ඊට පස්සෙ ඉතින් අඩනවා මම මහත් වෙලා නිසා කැතවෙලා කියලා. marry කරපු අය තමා හරිනම් තමන්ගෙ ඇග ගැන වැඩිපුර හිතන්න ඔින. කාර්යයබහුලයි වෙලාවක් නැහැ කියන
එක මේ ප්‍රශ්නෙට කොහෙත්ම හේතුවක් නෙවෙයි.
ඔයා ඔයාට ආදරෙයිනම් ඔයාට ඔයා ගැන හිතන්න ඔයාගෙ ඇග ලස්සනට තියාගන්න වෙලාවක් හදාගන එකට වැඩ කරන්න පුළුවන්.
ඔයත් ඔයාගෙ ඇග ලස්සනට තියාගන්න කල්පනා කරනවනම් මේ simle steps ටික අනුගමනය කරලා බලන්න.
සැබැ වෙනසක් ඉක්මනින්ම ඔයාටම බලාගන්න පුඵවන් වේවි.

1. හැමදාම ව්‍යායාම කරන්න.
ව්‍යායාම කරන්න gym යන්නම අවශ්‍ය නැහැ. enjoy කරන්න පුළුවන් ව්‍යායාම තියනවා.
ඔයාට පුළුවන් එවා try කරන්න. උදාහරණ වශයෙන් ඔයාට දුවන්න පුළුවන්, swimming කරන්න පුළුවන්, yoga හෝ skipping rope කරන්න පුළුවන්.
මේ දෙවල් වලින් ඇග මහන්සිවෙලා අනවශ්‍ය මේදය අයින් වෙලා යනවා. ඔයා ඇග හදාගන්න කැමති, ඒ ආකාරයට body maintain කරන කෙනෙක් follow කරන්න.
ඒකෙන් ඔයාට ඔයා කරන්න යන දේ පිළිබදව කැමැත්තක් target එකක් ඇති කරගන්න පුළුවන්.

2. වෙලාව කළමනාකරණය
Time management වැදගත්ම කාරණය. ගොඩක් අය ව්‍යායාම කරන්නේ නැත්තේ වෙලාවක් නැ කියලා.
ඇයි වෙලාවක් නැ කියන්නෙ. ගොඩක් වෙලාවට ව්‍යායාම කරන්න තියන අකමැතිකම තමා ප්‍රධාන හේතුව වෙලා තියෙන්නෙ. නැත්තම් Time management කරගන්න බැරිකම වෙන්නත් පුළුවන්.
ප්‍රධාන දේ තමන් කරන්න යනදේට කැමැත්තක් ඇතිකරගන්න අවශ්‍යයි. ඔයා දවසේ වැඩ plan කරන්න. schedule එකක් හදාගන්න. ඒකට අනුව වැඩ කරන්න.
social media වලට යොදන කාලය අඩු කරන්න. ඒ කාලය යොදායන ව්‍යායාම කරන්න.
අනික එක එක වෙලාවට කැම කන්න එපා. වෙලාවකට රටාවකට කෑම කන්න.

3.ක්ෂණික ආහාර මගහරින්න.
busy life එක නිසා ක්ෂණික ආහාර (fast food) වලට ගොඩක් අය යොමුවෙලා තියෙනවා.
මේ කෑම නිසා තරබාරැ බව වැඩිවෙනවා. ඇගේ shape එක පවත්වාගන යන්නනම් පළතුරැ සහ එළවළු ඉතාම වැදගත් වෙනවා.ඔයාට ඇග ලස්සනට තියගන්න අවශ්‍යනම් මේ දේවල් ආහරයට ගන්න.විශේෂයෙන්ම කොළපාට එළවළු.
මේ කෑම වලින් ආහාර ජීරණය පහසු කරවනවා.ශරීරය නීරෝගි වෙන්න මේ දේවල් ගොඩක්ම වැදගත්.

4. අනිවාර්යෙන් හොදට නිදාගන්න
උදේ ඉදන් රෑ වෙනකන් ම හැම කෙනෙක්ම කොයිම විදියකින් හරි තමන්ගේ මනස සහ ශරීරය වෙහෙසනවා. එ නිසා අනිවාර්යෙන්ම පැය 6 වත් හොද නින්දක් අවශ්‍ය වෙනවා තමන්ගෙ ශරීරය
නීරෝගිමත්ව පවත්වාගන යන්න.

5. ඔයා හැමවෙලේම ධනාත්මක වෙන්න motivation කියන දේ ඉතාම වැදගත්. හැම වෙලේම මට මේ දේ කරන්න පුළුවන් කියලා හිතන්න.
positive mindset ඒකක් තියාගන අපිට ඔින දෙයක් කරන්න පුළුවන්. භාවනාවට යොමුවෙන්න පුළුවන්නම් mind එක train කරන්න පුළුවන් ධනාත්මක ආකල්ප වර්ධනය කරගන්න.
තමන්ගෙ ඇග ගැන දුක්වෙන හැම කෙනෙක්ටම පුළුවන් මේ දේවල් ටික අනුගමනය කරලා ඔයාගෙ dream body ලබා ගන්න. එ වගේම positive mindset එකක් ඇතිකරගන්නත්
ඔයාට පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!