Gossip

විදෙස් තරුණියක් හෝටල් කාමරයක් තුළ දී අතවරයට ලක් කළ ලාංකික ව්‍යාපාරිකයා අත්අඩංගුවට

ජර්මන් ජාතික තරුණියක් කොල්ලූපිටිය හෝටලයක් තුළදී මත්කර අතවරයට ලක් කළ බව කියන ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

28 හැවිරිදි අදාළ ව්‍යාපාරිකයා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අතවරයට ලක්වූ 32 හැවිරිදි ජර්මන් ජාතික තරුණිය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර ඇති අතර වෛද්‍ය වාර්තා ලැබීමට නියමිතයි.

සැකකාර ව්‍යාපාරිකයා වසර හයක පමණ කාලයක සිට ජර්මන් ජාතික තරුණියගේ මිතුරෙක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ජර්මන් ජාතික තරුණියගේ පියා ලාංකිකයකු වන හිටපු නාවික නිලධාරියෙක් බවත් මව ජර්මන් ජාතික කාන්තාවක් බවත් පොලීසිය පවසනවා.

ඉකුත් දෙසැම්බර් 18 වනදා මෙරටට පැමිණ තිබූ ජර්මන් ජාතික තරුණිය තංගල්ල ප‍්‍රදේශයේ ඥාති නිවසක නැවතී සිට අනතුරුව දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සංචාරය කර තිබෙනවා.

සැකකාර ව්‍යාපාරිකයා සමඟ නුවර ප‍්‍රදේශයේ හෝටලයක සති දෙකක කාලයක් පමණ නවාතැන් ගෙන සිට ඇතැයි ද පොලීසිය පවසනවා.

ඉකුත් 6 වනදා මෙරටින් පිටව යෑමට නියමිතව සිටි තරුණිය ව්‍යාපාරිකයා සමඟ ඉකුත් 4 වැනි දින කොල්ලුපිටිය ප‍්‍රදේශයේ හෝටලයකට පැමිණ එදින රාත‍්‍රී සමාජ ශාලාවකට දෙදෙනා සමඟ ගොස් තිබෙනවා.

පසුදින අලුයම 4 වන තෙක් එහි රැඳී සිට තරුණිය මත්පැන් පානය කර ඇති අතර තරුණයා ද මත්පැන් පානය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තරුණියගේ ක්‍රෙඩිට් කාඩ්පත එහිදී අස්ථානගත වී ඇති අතර සැකකාර ව්‍යාපාරිකයා එය එතරම් ගණන් නොගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති වී අනතුරුව තරුණිය පමණක් ත‍්‍රීරෝද රථයකින් නැවතී සිටි කොල්ලුපිටිය ප‍්‍රදේශයේ හෝටලය වෙත පැමිණ තිබෙනවා.

එම හෝටලයේ ගත කරන අතර වාරයේදී හෝ මත්පැන් පානය කරන අවස්ථාවේදී තමන්ට මත්වීමට යම් පානයක් ලබාදී දූෂණය කර ඇති බවත් ඇය කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.

තමන් නින්දෙන් අවදි වන විට යට ඇඳුම පමණක් තිබූ බවත් අනෙක් ඇඳුම් නාන කාමරය තුළ තිබූ බවත් එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වන බව පොලීසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!