Gossip

මවගේ අනියම් පෙම – පොලිස් කොස්තාපල් 15 හැවිරිදි දැරිය දූෂණය කරලා

පොලිස් කොස්තාපල්වරයකු 15 හැවිරිදි දැරියක දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය පවසනවා.

සැකකරා පොලිස් නිලධාරීයා කහතුඩුව අධිවේගී පිවිසුමේ රාජකාරි කරන 53 හැවිරිදි දෙදරු පියෙක්.

දූෂණයට ලක්වූ අදාළ පාසල් දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවට වාර්තා වෙනවා.

සිය සැමියාගෙන් නීත්‍යානුකූලව වෙන්ව සිටින 44 හැවිරිදි දැරියගේ මව සමග සැකකාර කොස්තාපල්වරයා වසර නමයක සිට අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

ඇය පදිංචි නිවසකදී මීට මාස හයකට පමණ ඉහත දී දැරිය දූෂණයට ලක්කර ඇතැයි සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව පොලීසිය පවසනවා.

නිවසේ දැරියගේ මව, මෙන්ම අංශභාග රෝගයෙන් පෙළෙන මිත්තණිය පමණක් පදිංචිව සිටින අතර සැකකරු එකී මාස 6 තුළ දින කිහිපයක් දැරිය දූෂණයට ලක්කර තිබූ බව වෛද්‍ය පරීක්ෂණයෙන් ද අනාවරණය වී ඇතැයි වාර්තා වෙනවා.

සැකකාර කොස්තාපල්වරයා දැරිය සමග ලිංගිකව හැසිරෙන අයුරු ජංගම දුරකථනයෙන් ද වීඩියෝ කර ඇති බවට දැරිය සිදුකළ ප‍්‍රකාශයකින් අනාවරණය වී තිබෙනවා.

සැකකරුගේ මෙම ක්‍රියාවට දැරිය අකමැති වී ඇති අතර තම ජංගම දුරකථනයේ තියෙන අසැබි දර්ශන මුහුණු පොතට යොමු කරන බවට තර්ජනය කරමින් දැරියට සැකකරු මේ ආකාරයෙන් වරින් වර ලිංගික අතවර කර ඇතැයි පොලීසිය පවසනවා.

සැකකරුගේ මෙම පහත් ක‍්‍රියාව සම්බන්ධයෙන් දැරිය මවට පවසා තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකර තිබූ දැරියගේ මව ඇයට පවසා ඇත්තේ වෙනත් කාමරයට ගොස් නිදා ගන්නා ලෙස යැයි ද විමර්ශනවලදී හෙළි වූ බව පොලීසිය සඳහන් කරනවා.

අනතුරුව දැරිය මේ පිළිබඳව විදේශගතව සිටින සමීප ඥාතිවරියකට දුරකථනයෙන් පවසා තමන්ට පිහිට වන ලෙස හඬා වැටී ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අනුව එම ඥාතිවරිය විසින් පොලිස් මූලස්ථානයේ සහන මැදිරිය වෙත දුරකථනයෙන් කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ඒ බව මොරගහහේන පොලීසියට කරන ලද දැනුම් දීමකින් අනතුරුව වහා ක්‍රියාත්මක වූ මොරගහහේන පොලීසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන දැරිය රෝහල් ගත කර තිබෙනවා.

රෝහල්ගත කළ දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව දැරිය දූෂණයට ලක් වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සැකකාර කොස්තාපල්වරයා හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!