Gallery

මොල්ලාගේ වෑයම අධිකරණය වළක්වයි

පුද්ගලයෙකුට රබර් කිරි කපන පිහියකින් ඇන ඝාතනය කර, තමාට එරෙහිව සාක්ෂි නොදෙන ලෙස එම ඝාතනය දුටු නිවැසියන් පිරිසකට මරණීය තර්ජනය කළ “මොල්ලා” නමැති විත්තිකරුට දුන් මරණ දඩුවම අනුමත කරමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළා.

36 හැවිරිදි පුද්ගලයෙක්ව ඝාතනය කිරීම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණය විසින් විත්තිකරුට එරෙහිව මරණ දඬුවම නියම කර තිබුණා.

තමාට එරෙහිව පැනවූ මරණ දඩුවම බලරහිත කරන ලෙස ඉල්ලා විතාන කංකානමලාගේ අජිත් කුමාරසිරි හෙවත් “මොල්ලා” නමැත්තා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගය කින් පසුව එහි තීන්දුව ඊයේ (23) ලබාදෙමින් එම නියෝගය නිකුත් කළා.

නිශ්ශංක බන්දුල කරුණාරත්න, සහ රත්න ප්‍රිය ගුරුසිංහ යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගය සිදු කෙරුණා.

කළුතර ඇල්ලමුල්ල ප්‍රදේශයේ දී 2001 ජූනි 28 වැනිදා හේවගේ දොන් දයානන්ද නමැත්තා රබර් කිරිකපන පිහියකින් ඇන මරාදැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පැවරුවා.

පිහි ඇනුම් කෑ මරණකරු යාබද නිවසකට දිවගොස් ඇති අතර එහි පැමිණි විත්තිකරු තමන් ට එරෙහිව සාක්ෂි ලබා දීම සිදුකළහොත් මරාදමන බවට එහි නිවැසියන් ට තර්ජනය කළ බවට නඩු විභාගයේදී අනාවරණය වුණා.

එම නඩුව විභාග කළ පූර්වගාමී විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා එහි තීන්දුව ලබාදෙමින් විත්තිකරු වැරදිකරු බවට තීන්දුකර මරණ දඩුවම් නියම කර තිබුණා.

මරණකරුගේ මරණාසන්න ප්‍රකාශය ගැන එම නිවැසියන් ලබාදුන් සාක්ෂි විශ්වාසයෙන් තොර බවට මෙම ප්‍රතිශෝදන පෙත්සම් විභාගයේදී විත්තිකාර අභියාචක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සඳහන් කළා.

එසේම පරිවේශනීය සාක්ෂි මත පිහිටා දඩුවම් පැමිණවීමට තරම් විත්තිකරු හඳුනාගැනීමට සාක්ෂිකරුවන් අසමත්වී ඇති බවට ඒ මහතා කරුණු ඉදිරිපත් කළා.

නමුත් එම කරුණු දැක්වීම් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව එම අභියාචනාධිකරණ තීන්දුවෙහි දැක්වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!