Gossip

පරිත්‍යාගශීලීත්වය පොලීසියේ සැකයට – නිවසක් කොල්ලකා පළායමින් සිටි සොරා හසුවේ

වාරියපොල ප්‍රදේශයේ නිවසක් කොල්ලකා රුපියල් ලක්ෂ 15ක මුදලක් රැගෙන මෝටර් රථයකින් පළායමින් සිටි සැකකරුවෙකු එම මුදල් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 23 වනදා රාත්‍රීයේ දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවටගත් බවට දඹුල්ල පොලීසිය පවසයි

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවෙන් ඉවත්ව සිටී බව කියන තිස්සමහාරාම, ජූල්පල්ලම ප්‍රදේශ්යේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවට වාර්තා වෙනවා.

දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයාගේ නියෝගය මත පසුගිය 23 වනදා පස්වරු 5 සිට රාත්‍රී 8 දක්වා නගරය පුරා විශේෂ සෝදිසි මෙහෙයුම්ක් පොලිසිය විසින් ආරම්භ කර තිබුණා.

එලෙස මුර සංචාරයේ යෙදී සිටි පොලීසියේ කණ්ඩායම දඹුල්ල, කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් නවතා තිබියදී පරික්ෂාවට ලක්කර තිබෙනවා.

කුලීයට ගෙන තිබූ මෝටර් රථයේ රියදුරු රථයේ සිටියදී එහි පැමිණි පුද්ගලයා බෝජුන්හලකට ගොස් කෙටි ආහාරයක් ගෙන තේ පානය කොට රුපියල් 200ක බිල වෙනුවට රුපියල් 1000ක මුදලක් වෙළෙඳසැල් හිමියාට ලබාදී ඉතිරි මුදල එහි හිමිකරුට තබා ගන්නැයි කියා පිට වනවාත් සමඟ සැක සිතුනු පොලීසිය ඔහුගෙන් ප්‍රශ්නකර තිබෙනවා.

එහිදී අදාළ සැකකරු, තම පියාගේ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා තිස්සමහාරාම ප්‍රදේශයට ගමන් කරමින් සිටින බවට පොලීසියට ප්‍රකාශකර තිබෙනවා.

තවදුරටත් වාහනය පරීක්ෂා කිරීමේ දී වාහනය තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහ තුනකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

පසුව මෙම සැකකරුගෙන් දඹුල්ල පොලීසිය විසින් ප්‍රශ්න කර තිබෙනවා.

එලෙස ප්‍රශ්න කරමින් සිටියදී වාරියපොල පොලිසියෙන් හදිසි ෆැක්ස් පණිවිඩයක් ලැබී ඇති අතර එහි සඳහන්ව ඇත්තේ, “වාරියපොල පොලිස්බල ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකා දඹුල්ල දෙසට මෝටර් රථයකින් අයකු පළායන බැවින් අවධානය යොමු කරන ලෙසයි.”

පසුව එම තොරතුර පිළිබඳව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා කඩිනම් අවධානය යොමුකර මෙම පුද්ගලයන් දෙදෙනා වෙන වෙනම ගෙන ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී එම නිවස කොල්ලකා කුලී රථයේ පැමිණි පුද්ගලයා බව අනාවරණය වී තිබෙනවා.

පසුව දඹුල්ල පොලිසිය මගින් වාරියපොළ පොලිසියට මේ පිළිබඳව දැනුවත් කර තිබුණා.

අනතුරුව වාරියපොළ පොලිසිය පසුගිය 23 වනදා රාත්‍රියේම පැමිණ සැකකරුවන්, මුදල් සහ මෝටර් රථය රැගෙන ගිය බවට දඹුල්ල පොලිසිය පැවසුවා.

===

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!