Gossip

මාළු විකුණන තැනකින් පිහියක් අරන් ඇවිත් – රූපලාවන්‍යාගාරට කඩා වැදී රූපලාවන්‍ය ශිල්පිණියයි ඇගේ සැමියයි කපා කොටා දාලා

පාදුක්‌ක රූපලාවන්‍යාගාරයකට කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනකු රූපලාවන්‍ය ශිල්පිනිය හා ඔහුගේ සැමියා කපා කොටා පලාගොස් තිබෙනවා.

අනියම් සබඳතාවක්‌ දුරදිග යැමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

රූපලාවන්‍ය ශිල්පිනිය හා පෙමින් බැඳුණු පාදුක්‌කේම ව්‍යාපාරිකයකු ඇයට රිසිසේ වියදම් කර ඇය සමඟ සබඳතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර ඔහුද සිය බිරිඳගෙන් වෙන්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනියම් සබඳතාවක්‌ දුරදිග යැමෙන් ඇතිවූ මෙම සිදුවීම කොන්ත්‍රාත්තුවක්‌ ලබා දීමෙන් සිදු කළ බවට පාදුක්‌ක පොලිසිය මෙතෙක්‌ සිදු කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. කෙසේ වුවද කෙමෙන් තම අනියම් බිරිඳ වෙනස්‌වී යනු තේරුම් ගත් බොහෝ අවස්‌ථාවල එම ගැටුම් පාදුක්‌ක පොලිස්‌ ස්‌ථානයේ නතර වී ඇති අතර පාදුක්‌ක පොලිසියෙන් මීට දින 4 ට පෙර ද මෙම දෙපාර්ශ්වයට අවවාද කර පැමිණිල්ල සමථයට පත් කර තිබෙනවා.

ඉන්පසු පාදුක්‌ක අවන්හලට ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනකු ත්‍රිරෝද රථය එහි දමා පාදුක්‌ක ත්‍රිරෝද රථ ගාලෙන් ත්‍රිරෝද රථයක්‌ ගෙන සති පොළට ගොස්‌ එහි මාළු වෙළෙඳසැලක තිබූ පිහියක්‌ ගෙන ඉහතකී සැලුන් එකට ගොස්‌ රූපලාවන්‍ය ශිල්පිනිය හා ඔහුගේ සැමියා කපා කොටා පලා ගොස්‌ තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන පාදුක්‌ක පොලිස්‌ ස්‌ථානාධිපති එච්. පී. ගුණරත්න මහතා ඇතුළු පිරිස ත්‍රිරෝද රථය පැදවූ “මැක්‌කා” යන අන්වර්ථ නාමයන් හැඳින්වූ පුද්ගලයා ද මෙම කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට සැකකරන රූපලාවන්‍ය ශිල්පිනියගේ අනියම් පුරුෂයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාදුක්‌ක පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වන අතර තුවාලකරුවන් හෝමාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!