Cinema

මරුකතර චිත්‍රපටය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ සරත් දික්කුඹුරට උපහාර උළෙලක්

පසුගියදා එළිදැක්වුණු මරුකතර චිත්‍රපටයේ අධ්‍යක්ෂ සරත් දික්කුඹුර මහතාට ප්‍රවාහන අමාත්‍යංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උපහාර උළෙලක් පවත්වනු ලැබුවා.

දුමිරිය දෙපාර්තමේන්තු මුලස්ථානයේදී පැවති මෙම උළෙලට බොහෝ පිරිසක් එක්ව සිටියා.

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් මෙහිදී සරත් දික්කුඹුර මහතාට සිහිවටන සමරුවක් පිළිගන්වනු ලැබුවා.

වසර 135ක දිගු ඉතිහාසයක් ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුවන අතරතුර පළමු වරට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු බිහිවූ පළමු අවස්ථාව සැලකිල්ලට ගනිමින් මෙම උපහාර උළෙල පවත්වා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!