Gossip

පස් හැවිරිදි කුඩා දියණියක් අමානුෂික ලෙස අපයෝජනය කරලා – දෙදරු පියා අත්අඩංගුවට

පස් හැවිරිදි කුඩා දියණියක් අමානුෂික ලෙස අපයෝජනයට ලක්ව පෙරේදා (11) දා රක්වාන ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රත්නපුර පළාත් මහ රෝහලට මාරු කර යවා ඇතැයි රක්වාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බී. ඒ. ඒ. පී. බමුණුසිංහ මහතා පවසයි.

අපයෝජනයට ලක්ව ඇති දරුවාගේ තත්ත්වය බරපතළ බැවින් රත්නපුර මහ රෝහල වෙත යැවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියට සැකපිට හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකු පොලිසිය විසින් ඊයේ (12) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

මොහු සිය බිරිඳගෙන් වෙන්ව සිටින අයකු බවද පොලිසිය පවසයි. මෙම සැකකරු අතවරයට ලක්වූ දැරියගේ පියාට අයත් වත්තක සේවකයකු ලෙස කලක් සේවය කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!