Gossip

කිලිනොච්චි රෝහලේ මියගිය යාචකයාගේ ගමන් මල්ලේ රුපියල් 138,000ක්

කිලිනොච්චිය දිසා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය යාචකයකු බව කියන 73 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ රුපියල් 138,000ක පමණ මුදලක් තිබී සොයාගෙන ඇත.

රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට හමුවී ඇති මෙම රුපියල් 138,000ක පමණ මුදල රෝහල් ගණකාධිකාරිවරයා බාරයට පත්කර තිබෙන බව කිලිනොච්චිය රෝහල් වෛද්‍යවරයා ඊයේ (10) පැවසීය.

කිලිනොච්චිය නගරයේ කාලයක සිට ජීවත් වූ යාචකයකු බව කියන මෙම පුද්ගලයා බස්නැවතුම්පොළක හෝ කඩපිලක ගත කළ බව කියති. මෙම පුද්ගලයා පසුගිය දිනෙක හදිසියේ රෝගිවීම නිසා ත්‍රිරෝද රථ රියැදුරන් කිහිප දෙනකු මැදිහත් වී ඔහු කඩිනමින් රෝහල්ගතකර තිබෙන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති මෙම යාචකයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඉකුත් 08 වැනිදා පවත්වා තිබේ.
හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බව එම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය විණි යැයි පොලිසිය කියයි.

මියගිය මෙම යාචකයාගේ ගමන් මල්ල පරීක්ෂා කර බැලීමේදී රුපියල් 1,38,000ක පමණ මුදලක් තිබී රෝහල් කාර්ය මණ්ඩලයට හමුවීමෙන් පසුව ඔවුන් ඒ බව රෝහල් බලධාරීන්ට දැනුම් දී පසුව එම මුදල රෝහල් ගණකාධිකාරිවරයාගේ බාරයට පත්කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!