Gossip

අලි එලවන්න ගිය නිලධාරීන්ට නොසිතූ මොහොතක එල්ල වුණු ප්‍රහාරය

වනඅලි පලවා හැරීමේ විදුලි වැටක් පරීක්ෂා කිරීමට පුද්ගලික ඉඩමක් හරහා ගමන් කරමින් සිටි වනජීවී නිලධාරීන් තිදෙනෙකුට ඉඩම් හිමියා විසින් පහරදී තිබෙනවා.

අම්පාර, බක්කිඇල්ල පොලීසිය පැවසුවේ පසුගිය 2 වෙනිදා රජගල කන්ද ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද වනඅලි පලවා හැරීමේ විදුලි වැටක් පරීක්ෂා කිරීමට ඒම නිලධාරීන් ගොස් තිබූ බවයි.

පහරදීමෙන් වනජීවී නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් එක් අයෙකු අම්පාර රෝහලටද අනෙක් දෙදෙනා ගොනාගොල්ල රෝහලටද ඇතුලත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය පහරදීම සිදුකළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!