Gossip

මහනුවර මහරෝහලේ කළ විශ්මිත සැත්කම

ඉඳිකටු තුඩක්‌ ඇනි විටෙකද ක්‌ෂණයෙන් වේදනාව දැනෙන මේ මිනිස්‌ ගතට අඟලක විශ්කම්භයක්‌ ඇති තුවක්‌කු බටයක්‌ ඔළු කට්‌ට පසාරු කරගනිමින් ඉහළට යද්දී මොනතරම් නම් වේදනාවක්‌ දැනෙන්නට ඇතිද..?

බිබිල ඉඟිනියාගල ඉනෝකා දමයන්ති නැමැති තිස්‌තුන් හැවිරිදි දෙදරු මවට තමන් විසින්ම පුරවනු ලැබු වෙඩි බෙහෙත් ඇති ගල්කටස්‌ වර්ගයේ තුවක්‌කුව නොසිතූ මොහොතක ගැස්‌සී විත්, දමයන්තිගේ හිස පසාරු කර ගෙන ගියේ , ඉකුත් සතියේය. නිවස පවිත්‍ර කරමින් සිටියදී ඇඳ යට තිබූ තුවක්‌කුවේ කොස්‌ස වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

අනතුර සිදුවන මොහොතේ සිය දරුවන් දෙදෙනා අමතර පන්ති ගොස්‌ සිටි බැවින්, දමයන්ති බොහෝ වේලාවක්‌ සිහිසුන්ව නිවස තුල වැටි සිට ඇති බවද සැලය. පසුව බිබිල රෝහල වෙත කැටුව ගිය, දමයන්ති වෙත මූලික ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරුන් වහාම ඇයව මහනුවර රෝහල වෙත මාරුකොට යෑව්වේ තත්ත්වය බරපතල නිසාය. මහනුවර රෝහලේ ස්‌නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලෙස්‌ලි සිරිවර්ධන මහතා ඇතුළු කණ්‌ඩායම යුහුසුළුව දමයන්තිව ශල්‍යකර්මය සදහා ශල්‍යාගාරය වෙත කැටුව ගියද උභතෝකෝටිකයකට මුහුණපාන්නට සිදුව තිබිණි. දමයන්තිගේ මුහුණේ වම්පස ඇසට ඉහළින් හිස තුළට කිදා බැස තිබූ තුවක්‌කු බට යේ පසුපස කොටස සමඟ දමයන්තිව ශල්‍යාගාරය තුළට ගැනීමට මෙන්ම , තුවක්‌කුව සෙලවීමේදි යළිත් පත්තු වෙවිද යන සැකය වෛද්‍ය කණ්‌ඩායමට ඇතිව තිබිණි. ඒහෙයින්ම ශල්‍යාගාරය වෙත , ග්‍රාමාරක්‌ෂක නිළධාරින් ගෙන්වා තුවක්‌කුව පරික්‌ෂා කොට ඔවුන් ලවාම තුවක්‌කු බටය කප්පවා, දමයන්තිව ශල්‍යාගාරයට ගනු ලැබිණි.

මෙම ආශ්චර්යමත් ශල්‍යකර්මයට මූලිකත්වය ගත් ස්‌නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලෙස්‌ලි සිරිවර්ධන මහතා මෙම සිදුවීම සම්බන්ධ යෙන් දැක්‌වූයේ මෙවන් අදහසක්‌……

තුවක්‌කු බටය මේ කාන්තාව ගේ ඔළුකට්‌ට හරහා ගිහින් තිබුණේ රුධිර නාල අතරින් . ඒම රුධිර නාල ස්‌නායු මොළෙය් සියුම් ස්‌නායු ආරක්‌ෂිතව තබා ගනිමින් තුවක්‌කු බටය ඉවත් කරන්න බොහොම හොඳ සංයමයක්‌ අවශ්‍යයි.

අපේ වෛද්‍යවරු හෙදියන් කනිෂ්ඨ කාර්යය මණ්‌ඩලය බොහොම කැපවීමෙන් උනන්දුවෙන් මෙම ශල්‍යකර්මය සාර්ථක කරගන්න මහන්සි වුණා.

ඇය ගේ තුවාලයෙන් අධික රුධිර වහනයක්‌ සිදුව තිබුණා. නමුත්, අපි හැකි තරම් රුධිරය ලබා දෙමින් , ඇය ගේ ජීවිතය ආරක්‌ෂා කර දෙන්න අවශ්‍ය කටයුතු කළා. පැය පහක පමණ සැත්කම අවසාන යේ ඇය ගේ මතු ආරක්‌ෂාවට අපි ඇය කෘත්‍රිම ස්‌වසන යන්ත්‍රයට සවිකොට හුස්‌ම ගැනීම පහසු කළා. ඇය දැනටත් ඉතා ආරක්‌ෂිතව හැම තත්පරයකම හෙදිය ගේ අධික්‌ෂණය යටතේ, ස්‌නායු දැඩිසත්කාර ඒකක යේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ සිදුවිමේදී අපි අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක්‌ම තිබෙනවා. ඉන් ප්‍රධානතම කාරණය තමයි මෙවන් අනතුරක්‌ සිදුවීමට ඇති ඉඩ කඩ අහුරා තැබීම. මොනයම්ම ආයුධයක්‌ වුවත් , ආරක්‌ෂිත ලෙස නිවසේ තබන්නට සෑම කෙනෙක්‌ ම සිතට ගත යුතුයි. අනාරක්‌ෂිත බව අපට අනතුරකට අතවනන බව අමතක කරන්න හොද නැහැ. මේ අනතුරට කුඩා ළමයකු ගොදුරු වූවා නම්, ජීවිතය රැකගන්නට වත් නොහැකි වේවි.

කිසියම් අයකු මෙවන් අනතුරක්‌ සිදුවූ විට සිරුර තුළට ගොස්‌ ඇති ඕනෑම බාහිර ද්‍රව්‍යයක්‌…. බලහත්කාර යෙන් ආපසු ගන්න උත්සාහ නොකළ යුතුයි. මන්ද ඒවන් අවස්‌ථාවක නැවතත් ස්‌නායු රුධිර නාල හානි වන්න ලොකු ඉඩක්‌ තිබෙනවා. මූලික ප්‍රතිකාර ලබා දෙන අවස්‌ථාවේදි ඔක්‌සිජන් හෝ සේලයින් ලබාදී ප්‍රධාන රෝහලක්‌ වෙත රැගෙන ඒන්නටත් තුවාලය අවට රුධිර වහනය අවම කරන්නටත් ඒ ඒ රෝහල්වල වෛද්‍යවරු කටයුතු කරාවි. රෝගියාගේ ඥාතින් ඊට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන්න ඕනැ. මොනම හේතුවක්‌ මත හෝ අනතුරට පත්වූ අය ගේ ජීවිතය රැකගැනීමයි අත්‍යවශ්‍ය වන්නේ. …

මෙ ලොව වෙසෙන ඔනෑම සතෙකු පරිසරය ට අනුවර්තනය වී වෙසෙන්නා සේ දමයන්ති මොණරාගල බිබිල ඉඟිනියාගල සිය ගම්මානයේ වෙසෙන්නට අවැසි අන්දමට හැඩගැසී ඇත. ස්‌වාමිපුරුෂයා ඈත පෙදෙසක සිය රාජකාරියට ගොස්‌ සති අන්තයේ පමණක්‌ එන බැවින්ම දමයන්ති තම ගතේ හයිය සේම සිතේ හයියද එක්‌කොට තමන්ට හිරි හැර කරන්නා වු සතා සිව්පාවා සමඟද පොර බදිමින් ජීවිත සටන ගෙන යන්නේය. මෙම අනතුරට ඇය මුහුණ දී ඇත්තේද ඒ අතරතුරය.

ලෝක ධර්මතාවය අනුව අප එදිනෙදා මුහුණ දෙන කාරණා ගැනද , අවධානය යොමු කළ යුතු වන්නේ…. දමයන්ති ගේ අනතුර සිහිකරමින් බව අමතක කළ නොහැක.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!