Gossip

“මුස්‌ලිම් පිරිසක්‌ මට පුස්‌තකාලයේදී මුණ ගැහිලා ඔවුන් මගේ කසාවත විහිළුවකට ගත්තා”

“ෆ්රා විසුද්ධෝ” නම් වූ උන් වහන්සේගේ ගිහි කල නම “පිසුට්‌ අවුන්සුපාලී” ය.

තායිලන්තයේ බැංකොක්‌ හි චයිනාටවුන් දිස්‌ත්‍රික්‌කයේ උපන් පිසුට්‌ තායි-චීන ජාතිකයෙකි. පිසුට්‌ගේ දෙමාපියන්ට හොංකොං නගරයේ පලතුරු වෙළඳසලක්‌ අයිතිව තිබිණ. කුඩා කල සිටම දෙමාපියන්ගේ වෙළඳසලේ රැඳී ඉන්නා අතරතුර ජනාකීර්ණ හොංකොං නගරයේ, නිරන්තරව ගැවසෙන මිනිසුන් දෙස බලා සිටිමින් ජීවිතයේ අරුත කුමක්‌දැයි සිතුවේය. සදාතනික සතුට සැනසීම යනු කුමක්‌දැයි සිතුවේය.

ද්විතියික අධ්‍යාපනය හමාර කර බැංකොක්‌හි කැසෙට්‌සාර්ට්‌ විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පසුවද ඔහුට අධ්‍යයනය කරන්නට වුවමනා වූයේ මනුෂ්‍ය ජීවිතයේ සැබෑ ස්‌වරූපය පිළිබඳවත්, ලෝකයේ යථාර්ථය පිළිබඳවත්ය.

ඒ වන විට තාවකාලික පැවිද්දකට ඇතුළත් වී උන් ඔහුගේ වැඩිමල් සොයුරා පිසුට්‌ ට යන්නට වුවමනා මාර්ගය පෙන්වාදී තිබිණ.

පිසුට්‌ ට පැවිදි දිවියට අවතීර්ණ වන්නට වුවමනා වූයේය.

තම දර්ශනපති උපාධියද අවසන් කළ පසුව ඔහු පැවිදි දිවියට ඇතුළු වූයේ කුඩා කල පටන්ම තමාට අවශ්‍යව තිබුණු අධ්‍යාත්මික සැනසීම සොයා යන්නටය.

ෆ්රා විසුද්ධෝ නමින් පැවිදි දිවියට ඇතුළත් වුණු හෙතෙම මේ වන විට බැංකොක්‌ හි වට්‌ සකෙට්‌ හෙවත් Golden Mount විහාරස්‌ථානයේ නේවාසික භික්‌ෂුවකි. මේ වන විට උන්වහන්සේ 36 හැවිරිදිය.

මේ වන විට තායිලන්තයට බලපා ඇති බෞද්ධ මුස්‌ලිම් අර්බුදය උගත් සිල්වත් භික්‌ෂුන් වහන්සේ නමක වන ෆ්රා විසුද්ධෝ හිමියන් දකින්නේ මධ්‍යස්‌ථ ඇසිනි. උන්වහන්සේ දකින පරිදි තායිලන්තයට මෙන්ම බුදු දහමටද ඇති දැවැන්තම තර්ජනය මෙයයි.

“ප්‍රචණ්‌ඩත්වය ගැන ප්‍රවෘත්තියක්‌ ඇහෙන හැම අවස්‌ථාවකම ඒ හැම සිදුවීමකින්ම අන්තවාදය කරා යන්න මුස්‌ලිම් අයගේ තියෙන කැමැත්ත ප්‍රදර්ශනය වෙනවා. බොහොමයක්‌ මුස්‌ලිම්වරුන් ත්‍රස්‌තවාදයට ප්‍රචණ්‌ඩත්වයට සහය දෙනවා. මේ ගැටලුව විසඳන එක හරි අසීරුයි.” උන්වහන්සේ පවසයි.

ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා තම ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කරගැනීමේ අරමුණින් ලීඩ්ස්‌ වෙත ගිය ගමනේදී අත්දකින්නට සිදුවූ සිදුවීමක්‌ ගැන උන් වහන්සේ මතකය අවදි කළහ.

“ඒ සිද්ධිය වුණේ පුස්‌තකාලෙකදි මැදපෙරදිග රටකින් ආ මුස්‌ලිම් පිරිසක්‌ මට පුස්‌තකාලයේදී මුණ ගැහිලා ඔවුන් මගේ කසාවත විහිළුවකට ගත්තා. “කෝ උඹලගේ ලෝඩ් බුද්ධා” කියමින් ඔවුන් මට හිංසා කළා. වර්තමානයේ තායිලන්තය තුළ පවා එවැනි සිදුවීම් වලින් හිඟයක්‌ නැහැ.”

එවන් සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවූවා කියා සමස්‌ත මුස්‌ලිමුන් ගැන උන්වහන්සේ වෛරයෙන් බලන්නේ නැත. එහෙත් බෞද්ධ භික්‌ෂුවකට, බෞද්ධයෙකුට තම රට තුළදී හෝ ආරක්‌ෂිතව ඉන්නට හැකි පරිසරයක්‌ නිර්මාණය විය යුතු බව උන්වහන්සේගේ මතයයි. එවන් පරිසරයක්‌ නිර්මාණය කිරීම සඳහා මැදිහත් වීමේ හැකියාව ඇත්තේ රජයටම පමණක්‌ බව ඔහු පවසයි.

“රජය බුද්ධාගම රාජ්‍ය ආගම ලෙසින් නම් කොට එහි ආරක්‌ෂාව තහවුරු කරන්නට කටයුතු කළ යුතුයි.” උන්වහන්සේ පවසයි. එය ෆ්රා විසුද්ධා භික්‌ෂූන් වහන්සේගේ පමණක්‌ මතයක්‌ නොවේ. දීර්ඝකාලීනව මුස්‌ලිම් අන්තවාදී ප්‍රචණ්‌ඩත්වයෙන් පීඩා විඳින තායිලන්ත බෞද්ධයින් බහුතරයකගේ අවශ්‍යතාවයයි.

බුදු දහම රාජ්‍ය ආගම බවට පත් කර ව්‍යවස්‌ථාවට එක්‌කිරීමේ යෝජනාව පසුගිය වසර 10 ක කාලය තුළ දෙවතාවක්‌ම ඉස්‌මතු වුණු නමුදු තවමත් එය ඉටු කරගැනීමේ හැකියාවක්‌ තායිලන්ත බෞද්ධයින්ට ලැබුණේ නැත.

2004 වසරේ පටන්ම පට්‌ටානි, යාලා, නරාතිවත් යන පළාත් ද,සොන්ග්ක්‌ලා පළාතේ ඇතැම් ප්‍රදේශද ආගමික කල්ලිවල ප්‍රචණ්‌ඩත්වයෙන් පීඩා විදී. බහුතරයක්‌ වූ බෞද්ධ ජනතාවට එරෙහිව මේ ප්‍රහාර එල්ල කරන්නේ Barisan Revolusi Nasional (BRN) නම් බෙදුම්වාදී ඉස්‌ලාමික සංවිධානය විසින් බව කියෑවෙයි.

පට්‌ටානි පළාතේ අනන්‍යතාවය තුළ ඉස්‌ලාමිකයින් විශේෂ තැනක්‌ දරයි. අතීතයේදී සියම් රාජ්‍යය වශයෙන් හැඳින්වුණු මෙම පළාත තායිලන්තයට සම්බන්ධ කෙරුණේ 1902 වැනි මෑත ඉතිහාසයකදීය. එනිසා සිරිත් විරිත්, ආගම, භාෂාව ආදියෙන් මේ පළාත තවමත් වෙනස්‌ය.

මේ පළාත් තුළ බහුතර බෞද්ධයන්ට එරෙහිව මුස්‌ලිම් සංවිධානවල ප්‍රචණ්‌ඩ ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය වසර දාහතරක කාලය තුළ මිනිසුන් 7,000 ක්‌ පමණ මියගොස්‌ ඇති අතර, 12,500 කට වැඩි පිරිසක්‌ තුවාල ලබා ඇත. රට අභ්‍යන්තරයෙන් මෙන්ම ජාත්‍යන්තරයෙන්ද ඇති වන බලපෑම් කොතෙක්‌ වුවද මේ තත්ත්වයේ වෙනසක්‌ කිරීමට වර්තමානය වන තෙක්‌ම හැකියාවක්‌ ලැබී නැත.

“මම හිතන්නේ වෙනස්‌ විය යුත්තේ තායි මුස්‌ලිම් ප්‍රජාවයි. ඔවුන් තමන්ගේ වැරදි අවබෝධ කරගත යුතුයි. තායිලන්තයේ සංස්‌කෘතියට අනුව වෙනස්‌ විය යුතුයි. එමෙන්ම සහජීවනයත් සාමයත් පැත්තට ඔවුන් ද යොමු විය යුතුයි. අනෙක්‌ අයටත් තමන්ගේ ඇදහීම් කරගන්නට නිදහස තිබිය යුතු බව ඔවුන් පිළිගත යුතුයි..” ෆ්රා විසුද්ධෝ භික්‌ෂූන් වහන්සේ පවසයි.

එමෙන්ම තායි රජයේ “සහජීවන” ප්‍රතිපත්ති ෆ්රා විසුද්ධෝ භික්‌ෂුන් වහන්සේ ඉහළින්ම අගයයි.

පාසල් සිසුන්ගේ ඉගෙනුම් බස තායි භාෂාව බවට ස්‌ථාපිත කිරීමත්, ඉස්‌ලාම් අධ්‍යාපනය සීමා කිරීමත්, මුස්‌ලිමුන්ට විශේෂිත වූ උසාවි අධිකරණ තහනම් කිරීමත් සමහරුන් දකින්නේ බලහත්කාරයෙන් “තායිකරණය” කිරීමක්‌ ලෙස වුවත් එම ප්‍රතිපත්ති ඉතාමත් සාධාරණ යෑයි ෆ්රා විසුද්ධෝ හිමියන් ප්‍රකාශ කරයි.

ඒ අතරම මුස්‌ලිම් බෙදුම්වාදීන්ගේ ක්‍රියාකාරකම් එන්න එන්නම සැහැසි ස්‌වරූපයක්‌ ගන්නා බව ඔහු පවසා සිටියි. ඒ අතරින් බෞද්ධ පාසල් ගුරුවරුන් ඉලක්‌ක කරගෙන එල්ල කරන ප්‍රහාර ඔහු පිළිකුලින් යුතුව හෙළා දකියි.

ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා තායි බෞද්ධයන්ට පැවරී ඇති කාර්යභාරය කුමක්‌දැයි විමසූ විට උන් වහන්සේ දුන්නේ එක්‌ පිළිතුරක්‌ පමණකි.

“බෞද්ධයින්ට කරන්නට අමුතුවෙන් දෙයක්‌ නෑ. ඔවුන්ට තියෙන්නේ තමන්ගේ ආගම හරි හැටියට පිළිපැදීම පමණයි. බුදු දහමේ උගන්වන්නේ මෛත්‍රිය, දයාව, කරුණාව වැනි උතුම් මානුෂීය ගුණාංග පමණයි. කවදාවත් ප්‍රචණ්‌ඩත්වය අනුමත කරන්නේ නෑ. ඒ උතුම් ධර්මයේ ඉගැන්වීම පිළිපැදීමෙන් පමණක්‌ බෞද්ධයන්ට “සහජීවනය” ඇතිකිරීම කෙරේ ලොකු සේවයක්‌ කරන්න පුළුවන්. භික්‌ෂූන් වන අපේ කාර්යභාරය වෙන්නේ ඒ ඉගැන්වීම කෙරෙහි ගිහියන් යොමු කරවන්නට ඔවුන්ට මග පෙන්වීමයි. බෞද්ධයින් වශයෙන් සහ භික්‌ෂූන් වශයෙන් අපේ වැඩ කොටස හරියට කිරීම ඇරෙන්න වෙනත් කිසිම දෙයක්‌ කරන්න උවමනා යෑයි මම හිතන්නේ නෑ”

ෆ්රා විසුද්ධෝ, උගත් සිල්වත් භික්‌ෂූන් වහන්සේ නමක වන උන්වහන්සේ පවසන්නේ තායිලන්තයට මතු නොව ලෝකයේ සියලු රටවල් වල මිනිසුන්ට වටිනා අදහසකි. සියලු දෙනාම තමන්ගේ අභ්‍යන්තරය විමසමින් ශාස්‌තෲන් වහන්සේලා දෙසූ ආගමට අනුව ජීවත් වෙන්නේ නම් සහජීවනය වෙනුවෙන් අමුතුවෙන් යමක්‌ කළ යුතු නොවේ.

උපුටා ගැනීමකි. සටහන – නිම්මි මුදිතා හේරත්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!