Politics

225 එපා කියලා කෑ ගහපු ඔබ මෙදා සැරේ ඡන්දේ දෙන්න කළින් මේ ටිකත් හිතන්න

මේ දවස්වල ජනප්‍රියම වේදිකාව තමයි දේශපාලන වේදිකාව.
හැමෝම කතා කරන්නේ ඡන්දේ ගැන.
ලබන අගෝස්තු 5 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දින නියම වීමත් සමගම බොහෝ දේශපාලඥයන් තම ඡන්ද සටන යැහැමින් අරඹා තිබේ.
පසුගිය කාලය පුරාම කාගේත් මුවග රැදුනු කියමන වුණේ මුන් 225 ම එපා යනුවෙනි.
නමුත් අපේ මිනිස්සුන්ට සතියක් යද්දි හැමදේම අමතක වෙනවා වගේ මේ වෙද්දි ඒ සියළු කතා අමතක වී හමාරය.
අප ඔබට මේ සටහන තබන්නේ රටේත්, සමාජයේත් ඔබේ දරුවාගේත් අනාගතය වෙනුවෙනි.
පක්ෂය, පාට කුමක් වුවත් ඔබේ ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් කිරීමට සුදුසුම පුද්ගලයාට තම ඡන්දය ප්‍රකාශ කිරීම ඔබේ වගකීමයි.
පෞද්ගලික වාසිවලට, මුදලට සහ දේශපාලකයා විසින් අනාගතයේදී කරනා බවට පෙන්වන සිහිනවලට මුලා නොවී තම ගමටත්, ඔබටත් සෙත සලසන මිනිසෙකු තෝරා ගැනීමට ඔබ තීරණය කළ යුතුය.
පරිසරය විනාශ කරන, ගමේ සිදුකරගෙන යන නීතිවිරෝදී කසිප්පු කාරයන් වෙනුවෙන් පෙනී සිටින, නීතිවිරෝධී වැඩවලට පොලිස් නිලධාරීන්ට ඇමතුම් ලබාදෙන දේශපාලඥයන් තව දුරටත් රටට අවශ්‍ය නැති බව ඔබ තේරුම් ගත යුතුය.
නමුත් මෙවැනි අවංක මිනිසුන් අද සොයා ගැනීම කියනා තරම් පහසු නැති බවද අපි දනිමි.
කෙසේ වෙතත් මේ සියල්ල අංශක 360 ක් එක්වරම කැරකවීම අපහසු වුවද රටට, ගමට ඔබට මට වැඩක් ඇති එකෙකු හෝ මැතිසභයට යැවීමට ඔබත් සිහියේ තබා ගත යුතුය.
අහිංසක මිනිසාගේ ඡන්දයෙන් සුරසැප විදින්නට යන දේශපාලඥයන් ඔබට පයින් ගසා දමන්නේ ඔබේ ඡන්දයද හෑල්ලුවට ලක්කරමිනි.
මොහොතක් සිතන්න..
යම් ව්‍යසනයකදී ආපදාවකදී එම ප්‍රදේශයේ දේශපාලඥයා බඩු මල්ලක් බෙදාදුනහොත් ඒ බෙදාදෙන්නේ තම පාක්ෂිකයාටය.
අනෙකුන් බඩගින්නේය..
අවශ්‍ය මෙවන් දේශපාලඥයන්ද..?
තම ඡන්ද බල ප්‍රදේශයේ ඕනෑම ගැටලුවකදී පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනාට එකාවන්ව සලකන මිනිසෙකු ඔබ පාර්ලිමේන්තුවට යවන්න.
දේශපාලන වහලෙකු නොවී තීරණ ගන්න.
කසිප්පු කාරයෙකු වෙනුවෙන්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙනුවෙන් යම් දේශපාලඥයෙක් පෙනී සිටිනවානම් ඔබට මට අත්වෙන ඉරණම මතුදිනකදී වටහාගෙන පලක් නැත.
දිනක ඔබේ දරුවා ඔබේ ගමේ කඩේට යන විට අර කසිප්පු කාරයාගේ ගේ ළඟින් යන්න තියෙන්නේ කියලා බියක් දැනේනම් පරාජය වී ඇත්තේ කවුරුන්ද..?
එම නිසා පොදුවේ සිතන්න..
අපි වෙනස් වියයුතු කාලය පැමිණ තිබේ..
උගතුන්, දුප්පතාගේ දුක හදුනන මිනිසුන්, බලයෙන් නොඉදිමෙන මිනිසුන්, ජනතා මුදල් කොල්ලකන, තම ව්‍යාපාර පවත්වාගෙන කෝටි ගණනින් මුදල් රැස්කරන මිනිසුන් දේපාලනයෙන් අතුගා දැමිය යුතුය.
රැකියාවකදී තම අධ්‍යාපන සුදුසුකමට අමතරව ප්‍රදේශයේ දේශපාලඥයා ළඟට යාමට අවශ්‍යනම් ඔහු ලිපි ලබාදෙන්නේ සුදුසුකම මත නොව තමාට ඡන්දය ලබාදීම මතනම් අපරිමිත කැපකිරීම් කරමින් ඔබ ලැබූ අධ්‍යාපනයෙන් පලක් තිබේද..?
තීරණය කරන්න.. ඔබේ ප්‍රදේශයෙන් මෙවර ඉදිරිපත්වෙන අපේක්ෂකයා කවුරුන්ද වග සිතා බලන්න..
දිනක ඔබ සිතා දුක්වෙන දේශපාලඥයෙක් නොව යම් දිනක සතුටු විය හැකි අයෙකු වෙනුවෙන් පෙනී සිටින්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!