Gossip

කොරෝනා අස්සේ මී උණ ඉහළ යයි

දිවයින පුරා පිහිටි රෝහල් වල මී උණ (Leptospirosis) රෝගීන්ගේ සංඛ්‍යාවේ ක්‍ෂණික වැඩිවීමක් දක්නට ඇති බැව් ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

කායික රෝග විශේෂ වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණවලට අනුව කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්‌ත්‍රික්‌ක වල මෙම තත්වය විශේෂයෙන්ම දැකිය හැකි බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. පවත්නා වාතාවරණය යටතේ අනෙකුත් ක්‍රියාකාරකම් වලට සාපේක්ෂව කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව සිදුවීම. සුපුරුදු රැකියාව ලෙස කෘෂිකාර්මික කටයුතුවල නිරතනොවු පිරිස්ද එම කටයුතු වල නිරත වීම,කුඹුරු අස්වැද්දීමේ කටයුතු ද ආරම්භවීම, වැසි සහිත කාලගුණික තත්වය ආරම්භවීම මේ සදහා බලපාන ප්‍රධාන කාරණා බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි‍.

මී උණ හෙවත් Leptospirosis රෝග කාරකය මියන්ගේ සහ අනෙකුත් ක්ෂීරපායි සතුන්ගේ මුත්‍රා මගින් පරිසරයට මුදා හැරෙන අතර එසේ අපවිත්‍ර වූ ජලජ පරිසරය හා ගැටෙන පුද්ගලයින්ගේ සමේ ඇති තුවාල මගින් රෝගකාරක ශරීර ගතවීම සිදුවන බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. තද උණ, අධික මස්පිඩු වේදනාව, හිස කැක්කුම, බඩේ කැක්කුම මුත්‍රා පිටවීම අඩුවීම හා ඇස් කහ වීම යනාදිය මී උණ රෝග ලක්ෂණ බව පවසන කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මි උණ වැළදි ඇත්නම් වහාම සුදුසු කම් ලත් වෛද්‍යවරයකු හමු වීම හෝ ලගම ඇති රෝහලකට පැමිණීම. කළයුතුව ඇති බවද පෙන්වා දෙයි.

මීයන් ගැවසෙන මඩ සහිත පරිසරයක යම් කාර්යයක යෙදීමේදී හැකි හැමවිටකදීම පා වැසෙන ආවරණයක් (උදා බූට්ස් ) පැළදීම, පාද වල කැපීම්, සීරීම් තිබේනම් මඩ සහිත පරිසරයක වැඩ කිරීමෙන් වැළකීම , මී උණ රෝගයෙන් වැළකීමට සතිපතා ගතයුතු Doxycycline නැමති ඖෂධය, ළගම ඇති ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හෝ වෙනත් ඕනෑම වෛද්‍යවරයකුන්ගෙන් ලබාගැනීම කළ යුතු අතර රෝග ලක්ෂණ ඇතිවූ විගස වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවිය යුතු බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මෙයට අමතරව ඩෙංගු රෝගය ද ඉදිරි සති කිහිපය ඇතුලත වසංගතයක් ලෙස නැවත හිස එසවිය හැකි බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

ලලිත් චාමින්ද

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!