වයස අවුරුදු 13ක බාල වයස්කාර දැරියක නිත්‍යානුකූල භාරකාරත්වයෙන් තොරව අපහරණය කිරීම සහ පැහැර ගෙන යෑමේ චෝදනාව යටතේ 30 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරිය පාසල් යන බව පවසා නිවසින් පිටව ගොස් මාතර බෝධිය අසලට පැමිණ 30 හැවිරිදි පෙම්වතා හමුවී පාසල් ඇඳුම ද මාරුකර වෙනත් පාට ඇඳුමකින් මාතර බස් නැවතුම්පොළට ගොස් ඇති බවට මාතර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය පැවසුවා.
පසුව ඔවුන් දෙදෙනාම මාතර, තංගල්ල බසයකින් තංගල්ල ප්‍රදේශයට පැමිණ ඇති බවට වාර්තා වෙනවා.
තංගල්ල ප්‍රදේශයට පැමිණි ඔවුන් දෙදෙනා එම ප්‍රදේශයේ උද්‍යානයක අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට තංගල්ල පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.
පසුව තංගල්ල පොලිසියේ නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් දැරිය සහ 30 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන මාතර මූලස්ථාන පොලීසිය දැනුවත් කර තිබුණා.
මාතර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් පිරිසක් තංගල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ සැකකරු සහ දැරිය අත්ඩංගුවට ගෙන මාතර පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු විමර්ශන කටයුතු සිදුකරනවා.
දැරිය වෛද්‍ය පරීක්ෂණන් සඳහා මාතර මහ රෝහල වෙත ඉදිරිපත් කර ඇති බවත් 30 හැවිරිදි සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව මාතර මූලස්ථාන පොලීසිය පැවසුවා.
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)