Health & Beauty

ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන බව පෙන්වන සංඥා 12ක් – Photos

සීතල වතුර වීදුරුවක් තරම් අපව ප්‍රබෝධමත් කළ හැකි වෙනත් දෙයක් මේ ලෝකයේ නොමැති තරම්. කෝපි කෝප්පයකට හෝ සෝඩා කෑන් එකකට වඩා සරල වතුර වීදුරුවකින් තෘප්තිමත් විය හැකි‍ බව කිසිවෙකු ප්‍රතික්ෂේප කරන එකක් නැහැ. ඒ කෙසේ වුනත් අපි හැමෝම ප්‍රමාණවත් තරම් වතුර බොනව කියන එකනම් හිතන්න අමාරුයි. ලෝකයේ ඇති වටිනාම ස්වභාවික සම්පත වන ජලය ප්‍රමාණවත් තරම් අපේ ලබා නොගැනීමෙන් අපේ සිරුරට හානි සිදු වෙනවා. අපි අද අරගෙන එන මේ සංඥා ඔබ තුළත් දකින්නට ලැබෙනවා නම් ඔබ වහාම වතුර පානය කරන ප්‍රමාණය වැඩි කළ යුතුයි.

01. ඔබේ මුඛය වියළීම

මෙම සංඥාව ඔබට පැහැදිළිව හඳුනා ගන්න පුලුවන්. ඇත්ත වශයෙන්ම, ඔබේ මුඛයේ ඇලෙන සුළු, අප්‍රසන්න හැඟීමක් ඔබට දැනෙන ඕනෑම වේලාවක, ඔබ පැහැදිලිවම යම් ආකාරයක දියරයක් ලබා ගත යුතුය. හැබැයි සීනි අඩංගු පානයක් නම් මේ සඳහා තාවකාලික විසඳුමක් පමණයි. පානීය ජලය මගින් ඔබේ මුඛයේ සහ උගුරේ ඇති ශ්ලේෂ්මල පටල ලිහිසි කරන අතර, පළමු පානයෙන් බොහෝ වේලාවක් යනතුරුම ඔබේ මුඛය ලවණ සමග තෙතමනයෙන් තබා ගනී.

02. ඔබේ සම වියළීම

‌අපේ ශරීරයේ ඇති විශාලතම අවයවය සමයි. එසේම සම සජලීකරණයෙන් තිබීම අනිවාර්යය වේ. ඇත්ත වශයෙන්ම, වියළි සම යනු පූර්ණ විජලනයේ මුල්ම සංඥා වලින් එකක් වන අතර එය වඩා විශාල ගැටළුවක මුල් අවස්ථාවයි. ජලය අඩු වූ විට සහඩිය දැමීමද අඩුවේ. එවිට දවස පුරා සම මතු පිට එකතු වන කුණු දූවිලි හා අතිරික්ත තෙල් ශරීරයෙන් ඉවත් කිරීමට ක්‍රමයක් නොමැති වෙයි. ඔබ ඔබේ ශරීරයට වන විශාල හානියක් වළක්වා ගැනීමටනම් කළ යුතු ප්‍රධානතම දෙය වන්නේ වැඩිපුර ජලය පානය කිරීමයි.

03. අධික පිපාසයක් දැනීම

‌අපි මුඛය වියළීම පිළිබඳව මේ වන විටත් කතා කරා. නමුත් මේ කියන්නේ හරියට කාන්තාරයක ඉන්නවා වගේ දැනෙන දිව ගිලෙන්න යන පිපාසය ගැනයි. අධික ලෙස මත් පැන් පානය කළ දවසකට පසු දා ඔබට මෙවැනි ආකාරයේ අධික පිපාසයක් දැනිය හැකිය. ඇල්කොහොල් මගින් ඔබේ මුලු ශරීරයම විජලනයට ලක් කරයි. එම තත්වය නැවත යථා තත්වයට පත් වන තුරු ජලය තවදුරටත් අවශ්‍යය බව මොලයට දැනුම් දෙන අතර එමගින් දැඩි ජල පිපාසයක් ඇති කරයි.

04. ඔබේ ඇස් වියළීම

‌ජලය අඩුවෙන් පානය කිරීම දැනෙන්නේ ඔබගේ මුඛයට හා උගුරට පමණක් නොවන බව ඔබට මේ වන විටත් අවබෝධ වී ඇත. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම මගින් ඔබේ ඇස් ද වියළීමට ලක් වේ. ප්‍රමාණවත් තරම් ජලය නොමැති කමින් ඔබේ ඇස් වල ඇති කඳුළු නාලිකා වියළී යයි. කඳුළු නොමැති වීම මගින් ඔබේ ඇස් වලට ඉතා දැඩි හානි ගෙන දේ. සමහරවිට එම හානි නැවත සකස් කිරීමට ද නොහැකි වී යා හැකිය.

05. සන්ධි වේදනාවන් ඇති වීම

‌අපගේ සන්ධි වල ඇති කාටිලේජ හා කොදු ඇට පෙළ 80%ක් සැදී ඇත්තේ ජලයෙනි. අපේ සන්ධි හා කොදු ඇට පෙළේ ඇති ඇට එකිනෙක එකට ඇතිල්ලීම වැළැක්වීම මෙහිදී සිදු වෙයි. ඔබේ ශරීරය සජලීකරණයෙන් තබා ගැනීමෙන් හදිසි චලනයන්හි කම්පනය ඔබේ සන්ධිවලට අවශෝෂණය කර ගත හැකි වේ

06. ඔබේ මාංශ පේෂී ක්ෂය වීම

ඔබේ මාංශ පේශී වලද බහුලව ඇත්තේ ජලය යි. ජලය අඩු වීමෙන් මාංශ පේෂී ද අඩු වෙයි. . ව්‍යායාම කරන අතරතුර, පෙර, සහ පසුව ජලය පානය කිරීමෙන් ඔබව සජලීයව තබනවා පමණක් නොව, එමගින් ඔබේ ශරීරයේ නියම ස්ථානවලට ජලය ගෙන එනු ඇති අතර ව්‍යායාම හා බර ඉසිලීම සම්බන්ධ මාංශ පේෂී වේදනාවන් ඇතිවීමේ අවස්ථාව අඩු කරයි.

07. අසනීප ඉක්මනින් සුව නොවීම

‌වැඩිපුර ජලය පානය කිරීම මගින් ඔබේ ශරීරයෙන් විෂ ද්‍රව්‍ය බැහැර කරයි. අපේ ශරීරය තුළත් යන්ත්‍රයක මෙන් අනවශ්‍යය ද්‍රව්‍ය බැහැර කිරීම සදහා ෆිල්ටර්ස් තිබෙනවා. එම ෆිල්ටර්ස් හොඳින් වැඩ කරන්නනම් හොදින් වතුර දාන්න ඕනා. ශරීරය විජලනය වූ පසු ඔබගේ ලේ වල ඇති ජලය පවා අනෙකුත් අවයව වලට ඇද ගන්නවා. එවිට එය තවත් බරපතල ගැටළුවක් ඇති කරනවා.

08. තෙහෙට්ටුවක් හා උදාසීන බවක් දැනීම

කලින් සදහන් කළ ආකාරයට ශරීරය විජලනය වූ විට රුධිරයේ ඇති ජලය ද අනෙකුත් අවයව වලින් ඇද ගනී. එවිට රුධිරය තුළ ඔක්ෂිජන් ප්‍රමාණය පහළ යයි. එවිට අපේ සිරුරට ඉතා දැඩි තෙහෙට්ටුවක් හා උදාසීන ගතියක් දැනේ.එසේම අනවශ්‍යය ලෙස දිවා කල පවා අධික නිදි මතක් දැනීමද ජලය මදිකම නිසා ඇත්වන තත්වයකි. කෝපි පානය කිරීම මේ සදහා ප්‍රමාණවත් විසඳුමක් නොවේ. වැඩිපුර ජලය පානය කිරීමට පුරුදු වන්න.

09. අධික කුසගින්නෙන් පෙළීම

ඔබගේ ශරීරය විජලනය වූ විට එය ආහාර අවශ්‍යතාවයක් ලෙස ශරීරය සිතයි. මෙය මධ්‍යම රාත්‍රියේත් මුළු දවස පුරාත් සිදුවේ. මේ ආකාරයට ඔබ ආහාර ගත් හොත් එය ඔබේ ශරීරයට තවත් අමතර කාර්‍යයක් එකතු කරයි. එම ආහාර වල අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලියටද ජලය අවශ්‍යය වේ.

10. ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු ඇති වීම

‌ආහාර ජීර්ණ පද්ධතියට ද ජලය ඉතාම වැදගත් වේ. නිසියාකාර සජලීකරණයක් නොමැතිව අමාශයේ ඇති ශ්ලේෂ්මල ප්‍රමාණය හා ඒවායේ ශක්තිය අඩු කරන අතර අමාශයේ ආම්ලිකතාවය මගින් ශරීර අභ්‍යන්තරයට හානි සිදු කරයි. මෙමගින් අජීර්ණතාවයන් ඇති කරයි.

11. අඩු වයසින් වියපත් වීම

‌අපේ සිරුර වයසට යාමත් සමග සිරුර තුළ රඳවා ගන්නා ජල ප්‍රමාණය පහත් වැටේ. මින් අදහස් වන්නේ අපි වයසට යාමට සමගාමීව ජලය පානය කරන ප්‍රමාණය වැඩි කළ යුතුයි යන්නයි. වයසට වඩා වියපත් වීම භාහිරින් නිරීක්ෂණය කළ හැකි වුවද සැබෑ හානිය සිදුවන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ ය. මේ තත්වය මගහරවා ගැනීම සදහා අපේ මුලු ජීවිත කාලය පුරාවටම ජලය පානය කිරීමට ප්‍රමුඛතාවය දිය යුතුය.

12. වතුර ප්‍රමාණවත් තරම් නොබොන බවට සැකයක් ඇතිවීම

ඔබට මෙම ලිපිය කියවන අතරතුර ඔබ ප්‍රමාණවත් තරම් වතුර පානය නොකරන බවට් සමහර විට හැඟී යන්නට ඇති. ඔබ සමහර විට ඉතා හොඳට වතුර බොන කෙනෙක් වෙන්න පුලුවන්. ඒ කෙසේ වෙතත් ඔබට මෙම ලිපිය මතක් වන සෑම විටමත්, ජලය ගැන මතක් වන සෑම විටමත් ජලය පානය කරන්න. ඔබ ප්‍රමාණයට වඩා ජලය පානය කිරීම මගින් කිසිදු නරක බලපෑමක් සිදුවන්නේ නැත. වතුර කියන්නේ බොන බොන තරමට යහපත් ප්‍රථිපල ගෙනදෙන පානයකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!