Health & Beauty

ඔබ තොල් කලු වෙලා නිසා අපහසුතාවයට පත්වුණ කෙනෙක්ද..

තොල් ආලේප කිරීම කාන්තාවන් බොහෝ දෙනා සිදු කරන දෙයක් . කොහොම වුණත් දිගු කාලීනව තොල් ආලේපන ගැල්වීම ඔබගේ තොල්වල ස්වාභාවික රෝස පැහැය අවම කර අඳුරු පැහැ ගැන්වීම සිදුකරනවා. දුම්බීමට නැඹුරු කාන්තාවන්ගේ තොල් රළු හා අඳුරු බවට පත්වීමේ ගැටලුව ඇතිවෙනවා.

තොල් අව පැහැවීමට තවත් හේතු පවතිනවා. ඒවා, අඩු රුධිර සංසරණය, අධි පීඩනය, අධික ආර්ද්‍රාතාව, ජීවන ක්‍රමය, රස චිකිත්සාව හා නිදාගැනීමට පෙර මේක්අප් ඉවත් කිරීමට අසමත්වීම යන කරුණුයි.
ඔබගේ තොල්වල රෝස පැහැය නැවත ඇති කිරීමට හා ඒවා තවත් ආකර්ෂණීය කිරීමට ස්වාභාවික ප්‍රතිකාරයක් තිබෙනවා.. මේ කියන්නේ ඒ ගැනයි.
ඒ සඳහා පහත ක්‍රමය අනුගමනය කරන්න.

අවශ්‍ය අමුද්‍රව්‍ය

දෙහි යුෂ – කෝප්පයක්

සීනි තේ හැඳි එකක් (කැට)

ක්‍රියා පිලිවෙල

නැවුම් දෙහි ගෙඩියකින් මිරිකන ලද යුෂ කෝප්පයක් ගන්න. සීනි කැට තේ හැන්දක් එයට එක්කරන්න. එය සෙමින් මිශ්‍ර කරන්න. (සීනි කැට දිය නොවන ලෙස) මෙම මිශ්‍රණය ඔබගේ තොල්වල ගලවන්න. පසුව සෙමින් අතුල්ලන්න.

ඉන් පසුව මැරුණු සෛල උණු ජලයෙන් සෝදාහරින්න.

නිදා ගැනීමට පෙර දෙහි යුෂ ස්වල්පයක් තොල් වල ආලේප කර එය උදේ වනතුරු තොල්වල තිබීමට ඉඩහරින්න. මෙම ප්‍රතිකාරය දින 5 ක් හෝ 6 ක් එක දිගට තොල්වල ආලේප කරන විට ඔබට ඔබගේ රෝස පැහැතොල් නැවත ලබාගත හැක.

එසේම තොල් ආලේපන ගැල්වීමෙන් පසු නිදාගැනීමට ප්‍රථම ඒවා හොදින් ඉවත් කිරීම පුරුද්දක් කරගන්න. එසේකල පසු තොල් මත දෙහි යුෂ ආලේපකර හොඳින් නිදගැනීම ද පුරුද්දක් කරගන්න.

මේ ක්‍රියාවලිය ඔබගේ තොල් වල රෝස පැහැ බව පවත්වා ගැනීමට උදව්වන අතර ඔබගේ තොල්වල සම ආරක්ෂා කරයි.

ඒ වගේම ඔබ හොඳින් මතක තබා ගන්න වෙළඳපලේ ඇති බාල ලිප්ස්ටික් වර්ග භාවිතයෙන් වලකින්න .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!