Health & Beauty

ඔබත් අලුහම් නිසා පීඩාවට පත්වුණ කෙනෙක්ද?

අලුහම්ය නු සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආසාදනයකි. එය Malassezia furfur නම් වූ දිළීරයක් (යීස්ට් වර්ගයක්) නිසා ඇතිවෙන තත්වයක් . මෙම දිළීරය අපේ සම මතුපිට සාමාන්‍යයෙන් වාසය කරන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් එක් වර්ගයක් වන අතර, ප්‍රධාන වශයෙන් හිසෙහි සම, මුහුණ, සහ පපුවෙහි කිසිඳු කුෂ්ඨයක් නොසාදමින් වර්ධනය වෙනවා.නමුත්, ඇතැම් අයගේ සමෙහි Malassezia furfur දිළීරය වඩාත් සක්‍රීයව වර්ධනය වෙමින් අලුහම් නැමැති කුෂ්ඨය ඇති කඒවනවා.අලුහම් ඇතිවන්නේ සමෙහි ස්වාභාවිකව පවතින දිළීරයක් මගින් ආසාදනය වීමෙන් බැවින්, අලුහම් බෝවන රෝගයක් ලෙස නොසැලකේ. අලුහම් නවයොවුන් වියේ පසුවන්නන් සහ තරුණ පිරිමි අය අතර බහුලව දක්නට ලැබේ. උණුසුම් සහ ආර්ද්‍රතාවය (වාතයේ තෙතමනය) වැඩි පරිසරවල වෙසෙන්නන් අතර අලුහම් බහුලව පවතනවා. අලුහම් වලින් මිදෙන්නේ කොහොම ද?

අලුහම් ඇතිවීමට හේතුවන අවදානම් සාධක

පරිසරයේ උණුසුම වැඩිවීම.
පරිසරයේ තෙතමනය හෙවත් ආර්ද්‍රතාවය වැඩිවීම.
අධිකව දහඩිය දැමීම.
පරම්පරාව තුළ අලුහම් ඇතිවීමට ප්‍රවණතාවයක් පැවතීම.
ඌණ පෝෂණය.
ගර්භණීභාවය.
ප්‍රතිශක්තිය දුර්වල වීම.

අලුහම් වල රෝග ලක්ෂණ

එය බහුලව මුහුණ, ගෙල, පපුව, පිට, කිහිලි, බාහු, සහ පාද වල හටගන්නවා.
සමේ ආසාදනය වූ ස්ථාන පැහැදිලිව පෙනෙන, සමෙහි වර්ණය වෙනස් වූ ලප ලෙස දිස්වෙනවා. එහි මතුපිට සියුම් පොතු පවතනවා.
අලුහම් රෝස, තද දුඹුරු, හෝ සුදුමැලි වර්ණයක් ගන්නවා.
සමෙහි වර්ණය වෙනස්වීම වර්ණය වැඩිවීමක් (Hyper-pigmentation) හෝ වර්ණය අඩුවීමක් (Hypo-pigmentation) ලෙස දිස්වෙනවා.
අලුහම් ඇතිවිට වැඩිපුර දහඩිය දැමීම සහ කැසීම් තත්වයන් ඇතිවෙනවා.

පරීක්ෂණ

අලුහම් පවතින ස්ථානයක සමෙන් සූරාගන්නා ලද කොටස් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් වර්ණ ගන්වා අන්වීක්ෂයෙන් පරීක්ෂා කලවිට Malassezia furfur දිළීරය හඳුනාගත හැකියාව තිබෙනවා.

අලුහම් වලට කලහැකි පිළියම් මොනවාද?

ක්ලොට්‍රිමසෝල් (Clotrimazole), මිකොනසෝල් (Miconazole), ඉකොනසෝල් (Econazole), හෝ කීටොකොනසෝල් (Ketoconazole) වැනි ප්‍රති-දිළීර (Anti-fungal) ක්‍රීම් වර්ගයක් ආලේප කිරීමේ හැකියාව තිබෙනවා.
කීටොකොනසෝල් හෝ සෙලීනියම් සල්ෆයිඩ් (Selenium sulfide) ෂැම්පු ආලේප කිරීම.
ප්‍රොපිලීන් ග්ලයිකෝල් (Propylene glycol), සෝඩියම් තයෝසල්ෆේට් (Sodium thiosulphate), ටර්බිනෆින් ජෙල් (Terbinafine gel), හෝ සයික්ලොෆිරොක්ස් ක්‍රීම් (Ciclopirox cream) ආලේප කිරීම.
උග්‍ර ආසාදන ඇතිවිට මුඛයෙන් ගන්නා කීටොකොනසෝල් (Ketoconazole), ෆ්ලුකොනසෝල් (Fluconazole), හෝ ඉට්‍රකොනසෝල් (Itraconazole) වැනි ප්‍රති-දිළීර ඖෂධ නිර්දේශ කරනවා.
සාර්ථකව ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සමෙහි වර්ණය යථා තත්ත්වයට පත්වීමට මාස කිහිපයක් වුවද ගතවිය හැක. ඇතැම් විට, සාර්ථකව ප්‍රතිකාර කිරීමෙන් පසුව අලුහම් නැවත හටගැනීමට හැකියාව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!