Gossip

අද ඔයා මාව දාලා ඈතට ගිහින්, පපුව ගැහෙන හැම වෙලාවකම ඔයාව මට මතක් වෙනවා රන්දි – Photos

සෙල්ලක්කාරකම කියන්නේ ජීවිතේ පුංචි කාලෙදි නොතේරෙන කාලෙදි වගේම තරුණ කාලෙදිත් තියෙන දෙයක්.
ඒත් සමහර වෙලාවට අපි දෙයක් කරන්න කළින් දෙපාරක් හිතන්න ඕනේ කියලා කියන්නේ ජීවිතේ සමහර අවදානම් ගද්දි සිය වතාවක් හිතන්න ඕනේ නිසයි.
ඒ විදිහට යාළුවෙක් එක්ක බයික් එකෙන් හැටට හැටේ රේස් එකක් ගිහින් අද අකාලයේ තරුණ ජීවිතයක් නැතිවෙලා.
තවත් තරුණයෙක් තිස්සමහාරාම හදිසි අනතුරු අංශයේ ජීවිතයත් මරණයත් අතර සටන් කරනවා.
රන්දිල් තාරක මධුෂාන්.
21 හැවිරිදි රන්දිල් පසුගිය 26 වැනිදා එයාගේ යාළුවෙක් එක්ක ගමනක් ගිහින් තියෙන්නේ බයික් දෙකකින්.
රන්දිල් ගිය බයික් එක එයාගෙම යාළුවගේ බයික් එකේ හැප්පිලා.
දවස් ගාණක් රෝහලේ ඇදක් උඩ සිහි නැතිව ඉඳලා අද එයා අවසන් ගමන් ගිහින්.
රන්දිල්ගේ අවසන් කටයුතු ලබන 4 වැනිදා සිදුකිරීමට නියමිතයි.
රන්දිල්ගේ වියෝව ගැන එයා ආදරේ කරපු පෙම්වතිය මේ වගේ සංවේදී කතාවක් වෙබ් ගොසිප් අපිත් එක්ක කිව්වා.

ආදරණීය රන්දි..
ජීවිතේ පුංචිම කාලෙදි ලස්සන හීන ගොඩක් මට ගෙනත් දීලා අද ඔයා මාව දාලා ඈතට ගිහින්. පපුව ගැහෙන හැම වෙලාවකම ඔයාව මට මතක් වෙනවා.
මගේ ළග ඉන්නවා වගේ. කියන්න බැරි ගොඩක් ප්‍රශ්නවලදි මගේ ළඟට ඇවිත් ඒ හැමදේකදිම මගේ ළග හිටපු හැටි කොහොමද දෙයියනේ අමතක කරන්නේ.
ඒත් අද මගේ ජිවිතේ මට නැති මට නැතිව ගිහින්. මම අද තනි වෙලා.
ඔයාට මතකද රන්දි ඔයා මට ආදරෙයි කියපු හැටි. හීන මවපු හැටි. ජීවිතේ එක ළගට වෙලා ගෙව්වා.
පුංචි දුකක් වුණත් උහුලගන්න බැරි ඔයා මම අඩන හැම වෙලාවකම අඩපු හැටි.
කොහොමද මම අමතක කරන්නේ.
දන්නවද රන්දි මේ ආත්මේ ඔයා මගෙන් ඇත් වුණත් උපදින හැම ආත්මෙකදිම මගෙම වෙලා ඉපදෙන්න මම ළගින් ඉන්න රන්දි.
මේ ජීවිතේ අරමුණ ඔය වුණා.
ඒ අරමුණ දුන්නු ඔයා මගේ ජීවිතේ කතාව ලස්සනට ලියසලා දුන්නේ ඔයා රන්දි.
ඒත් අද මට නොකියම ඔයා මාව දාලා ඈතකට ගිහින්.
කොහොමද රන්දි මගේ ජීවිතේ බලාපොරොත්තු මට නැතිවුණා කියලා මම කියන්නේ.
ඔයා දැඩිසත්කාරේ ඇදක් උඩ ඉන්නකොට මම දෙවියන්න කිව්වා මගේ රත්තරන් රන්දිගේ පණ දීලා මගේ පණ අරගන්න කියලා.
දෙවියෝ අපි කියන දේ ඇහුවේ නෑ රන්දි. පන්සලක් පන්සලක් ගානේ ඔයාව ඉල්ලලා මම අඩද්දි මගේ දුක අහන්න දෙවියෝ හිටියේ නෑ රන්දි.
අම්මා තාත්තා වගේම ඔයත් මාව දාලා ගියා රන්දි.
ඒත් දෙවියෝ අපිට එකතු වෙන්න ඉඩ දුන් නෑ රන්දි.
මගේ ජීවිතේ මාව දාලා ගියා.
උපදින හැම ආත්මෙකදිම එයා මගෙම වෙලා උපදින්න මගේ රන්දි. මේ ඔයාගේ ආදරේ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!