Gossip

“මියගිය” නිවේදිකාවගේ කතාවට ඔබත් රැවටුණාද..? ඇත්ත කතාව මෙන්න – වීඩියෝ

පසුගිය දවසක හැම වෙබ් පිටුවකම වගේ ඔබත් දකින්න ඇති නිවේදිකාවක් නිවේදනය කරමින් සිටින අතරතුර මියයෑමේ සිද්ධියක් ගැන.
සජීවී වැඩසටහනේදී සුරූපී නිවේදිකාව හෘදයාබාධයකින් මියගිය බවයි එම සෑම පුවතකම සඳහන්ව තිබුණේ.
එහි වීඩියෝවේද තරුණ පාකිස්ථානු නිවේදිකාවක් සජීවී වැඩසටහනක් අමතමික් සිටින විටකදී එක්වරම ඉහළින් ඇදවැටෙන ආකාරය මෙම වීඩියෝවේ අන්තර්ගත වී තිබුනා.
පාකිස්ථානු 92NEWS HD රූපවාහිනී නාලිකාවේ සුුප්‍රසිද්ධ නිවෙිදිකාවක් වන ඇය 23 වැනි වියේ පසුවනවා.
නමින් ඉර්Zසා ඛාන්. ඇය විසින් සජීවී දේශපාලන වේදිකා වාර්ථාවක් ගෙන එමින් සිටියදී ඇයව නංවා තිබූ ක්‍රේන් ආධාරකයෙන් ඇද වැටෙන්නේ අඩි 15 ක පමණ උසක සිටයි.
ප්‍රවෘත්ති නිෂ්පාදකවරයාගේ අවශ්‍යතාවයට අනුව ඇයව ක්‍රේනය මතට නංවා ඔසවන්නේ ඇයට පසුබිමින් වේදිකාව දර්ශනය කරගැනීමට අවශ්‍යවූ නිසා බව සඳහන්.
කෙසේ වෙතත් නිවේදන කටයුත්ත අරඹා සුළු මොහොතතින් ඇයව ක්ලාන්ත වී බිම ඇද වැටුනා.එයට හේතුව වශයෙන් සඳහන්ව තිබුනේ ඇය රඳවා තිබූ ඉහළ උස ඇයට දරාගත නොහැකි වීමත්, ශරීර ශක්තිය මදවීමත් ලෙස සඳහන්.
කෙසේ නමුත් අඩි 15 ක පමණ ඉහළින් බිමට ඇද වැටුනු ඇගේ හිසට හා අතකට මදක් තුවාල වී තිබුණා.
ඉක්මනින් ලඟා වූ ගිලන් රථයක් මඟින් ඇයව ලාහෝරයේ රෝහලක් වෙත ඇතුලත් කෙරුණා.
කෙසේ නමුත් මිය ගියා යැයි සඳහන් වූ ඇය ඇත්තෙන්ම “මියගියේ නැහැ” .මෙම සිදුවීම සිදුවී තිබුනේ 2016 සැප්තැම්බර් 03 වනදා පකිස්ථානයේ ලාහෝර් නුවරදීයි.
වසරකින් පසුව නැවතත් මෙම සිදුවීම වැරදි ආකාරයක ජනගත වූයේ කෙසේදැයි තවමත් ඇය නොදන්න බවත් මෙම සිදුවීමෙන් පසුව බොහෝ පිරිස් තමා ගැන සොයා බලා බොහෝ ආදරය කරුණාව දැක්වූ බවත් ඉර්Zසා කියා සිටිනවා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!