Gossip

ඇත්ත ජීවිතේනම් මට ආදරේ කරන්න මස්සිනා කෙනෙක් නැහැනේ – නයනතාරා වික්‍රමආරච්චි

දෙවැනි ඉනිම.
කවුරුත් දන්න, කවුරුත් ආදරය කරන ටෙලි සිතුවමක්.
මෙහි රඟපෑ චරිතයක් තමයි මෙවර රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පිනිය විදිහට සම්මාන හිමිකරගත්තේ.
ඇය තමයි නයනතාරා වික්‍රමආරච්චි.
දෙවැනි ඉනිම නාට්‍ය යේ දෙව්මිගේ චරිතයට පණපොවන නයනතාරා ගැන සතිඅන්ත පුවත්පතක පලවී තිබුණේ මෙලෙසින්.

කොහොමද නයනතාරා මේ දවස්වල..?
මේ දවස්වල නම් ගොඩක්ම සතුටෙන් තමයි ඉන්නේ.

ඒ තරම්ම සතුටු වෙන්න හේතුවුණු ඒ රාත්‍රිය ගැන මතක් කළොත්..?
ඒ දිනයනම් මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන දිනයක් වෙයි. මම හිතන්නේ මගේ ජීවිතේ ලස්සනම දවසක් කිව්වොත් හරි.
රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස සම්මානයට පාත්‍ර වුණා.

හිතුවද ඒ සම්මානය ලැබෙයි කියලා..?
එහෙම ලොකු බලාපොරොත්තුවක්නම් තිබුණේ නැහැ.
නමුත් නොහිතපු විදිහට මම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි කියලා දැනුනේ සම්මානේ ලැබුණම.
දෙව්මි චරිතයට රසිකයින් ආදරෙයි නේද කියලා දැනුනා.

දෙව්මි කියන චරිතය ගැන කිව්වොත්..?
දෙව්මි…. කියන චරිතය හමුවෙන්නේ ටීවී දෙරණ තුලින් විකාශය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය තුලින්. ඒ චරිතයේ හැටියට නම් දෙව්මි කියන්නේ හරිම කටකාර, දඟකාර චරිතයක්.
ඇය තමන්ගේ මස්සිනාට හිතින් ආදරය කරනවා.
ඇය කොච්චර කටකාර, දඟකාර වුණත් හිතින් හරිම අහිංසක ඉක්මනට දුක හිතෙන චරිතයක්.

එතකොට කියන්නේ නයනතාරා කියන්නේ දෙව්මි වගේ කෙනෙක්ද ඇත්තටම..?
අපෝ නැහැ.. මොකද මට ඇත්ත ජීවිතේ නම් ආදරේ කරන්න මස්සිනා කෙනෙක් නැහැනේ.
ඒ නිසා දෙව්මි වගේ කෙනෙක් නෙවෙයි නයනතාරා කියන්නේ.
නමුත් චුට්ටක් විතර දෙව්මිට වඩා වෙනස් තමයි නයනතාරා.

නයනතාරා රංගනය තෝරගන්න විශේෂ හේතුවක් තිබුණද..?
පාසල් යන අවදියේදිම ඒ කියන්නේ මට තේරෙන වයස ඉඳන්ම වැඩි ඇල්මක් තිබ්බේ මේ ක්ෂේත්‍රයට තමයි.

ක්ෂේත්‍ර යේ පිරිස එක්ක රඟපාද්දි ලැබෙන අත්දැකීම් කොහොමද.?
මම හිතන්නේ ජීවිතේට බොහෝ දේවල් රැස් කරගන්න පුළුවන්. තනි කෙනෙක් විදිහටනම් රැදිලා ඉන්න බැහැ. රංගනය සාර්ථක වෙන්නනම් බොහෝ දෙනෙක් එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ.
මම හිතන්නේ මගේ සමවයසේ වගේම ප්‍රවීණයන් එක්ක වැඩ කරද්දි මගේ වැරදි වුණත් හදාගන්න එක ලේසියි.

අම්මා තාත්තගේ සහය කොහොමද..?
විශේෂයෙන්ම ඒ දෙන්නා තමයි මගේ හෙවණැල්ල වගේ පස්සේ ඉඳන් හැමදේම කරන්නේ.
අම්මා තමා ගොඩක්ම වැරදි කියන්නේ හොද නරක දේවල් තෝරලා දෙන්නේ.
ඒ වගේම තමා මගේ පස්සෙන් ඉඳන් හැම වැඩකදිම මං ළඟ ඉඳන් උදව් කරන්නේ ඒ දෙන්නා.

සම්මානය ලැබෙද්දි සමහරු ආඩම්බර වෙනවා. නයනතාරත් එහෙම වෙයිද..?
මම හිතන්නේ එහෙම සම්මාන ලැබීම ආඩම්බර වෙන්න ඕන කාරනාවක් නෙවෙයි. ඒක රංගනයට ආලෝකයක් කරගන්නයි ඕනේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!