Gossip

අහඹුවකින් සිත්තම් කලාවට පා තැබූ සොඳුරු මිනිසෙකුගේ අපූරු හැකියාව – Photos

කලාව කියන්නේ භාවනාවක් වගේ දෙයක්.
ඒ අතරින් සිත්තම් කලාව කියන්නේ හොඳ ඉවසීමකින් ඒ වගේම නිරවුල් මනසකින් කරන්න ඕනේ දෙයක්.
ඉතිං ඒ විදිහට සොඳුරු සිතුවම් පාන තරුණයෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ.
ඔහු තමයි සජිත් ප්‍රියනාත්.
අගුණකොලපැලැස්සේ පදිංචි සජිත් 21 හැවිරිදි වියේ පසුවනවා.
තාත්තා පොලිස් සේවයෙන් විශ්‍රමා ගිය අයෙක්.
ඒ වගේම සජිත්ට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයිත් ඉන්නවා.
ඕනම දෙයක් බලාගෙන ඒ විදිහටම සිත්තම් කරන්න පුළුවන් හැකියාව ගැන අපි සජිත්ගෙන් ඇහුවාම ඔහු කිව්වේ මේ වගේ කතාවක්.
මම චිත්‍ර පොඩි කාලේ ඉඳලා කරලා නෑ. ඉස්සෙල්ලම ඉස්කෝලේ 11 වසරෙදි චිත්‍ර තරගයක් තිබුණා. මම ඒකෙන් දකුණු පළාතේ පළවැනියා වුණා.
එදා ලොකු ආශාවක් ඇතිවුණා.
ඊට පස්සේ පින්තූර බලාගෙන අදින්න පටන් ගත්තා.
ඒවා බලලා කට්ටිය කිව්වා ඒ වගේමයි කියලා.
ඒකෙන් තවත් මට ආසා හිතුනා.
දැන් මේ වැඩේ පටන් අරන් වැඩි කාලයක් නෑ. තාම මාස හත අටක් වගේ.
ඉස්සරහට හොඳ නිර්මාණ ටිකක් කරලා සිත්තම් කලාවෙන් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!