Gossip

ඉන්දියාවේ බිරියානි උත්සවයක්…

ලෝක බිරියානි දිනයට සාපේක්ෂව ඉන්දියාවේ CITCO හෝටල් ජාලය විසින් බිරියානි උත්සවයක් සඳහා සත්කාරකත්වය සපයා තිබේ.

ලෝක බිරියානි දිනය යෙදී තිබුණු ඉකුත් 02 වනදායි.

ඊට සමගාමීව මෙම උත්සවය ඉකුත් 01 වනදා සහ 02 වනදා පැවැත්වුණු බව වාර්තා වුණි.

මෙම බිරියානි උත්සවයේදී විවිධ රසයන් ගෙන් යුත් බිරියානි සකසා සිය පාරිභෝගිකයින් පිනවීමට එම හෝටල් ජාලය කටයුතු කර තිබුණි.

ඊට සමගාමීව ඉන්දියාවේ එක් එක් ප්‍රාන්තවලට ආවේණික වූ බිරියානි වර්ග ඔවුන් සිය පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.

පාරිභෝගිකයින් වෙත අමතක නොවන රසයක් එක් කිරීම සඳහා උත්සවය පුරාවටම, CITCO හෝටල්වල ප්‍රධාන සූපවේදීන් විසින් විව්ධ රසයෙන් යුත් බිරියානි වර්ග සකසා තිබේ.

එහිදී නිර්මාංශිකයෙකු හෝ නිර්මාංශ නොවන පාරිභෝගිකයින් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් බිරියානි සකස් කර ඇතැයි ද සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!