Gossip

ඉන්දීය අගමැතිගෙන් සරසවි සිසුන්ට පාඩමක්…

ඉන්දියානු සාරධර්ම මානව ගුණාංග බවට පත්වෙමින් ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.

ඒ අතරින් ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය වැදගත් බව ඔහු පවසා ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම අදහස් පළ කර ඇත්තේ දිල්ලි විශ්වවිද්‍යාලයේ ශත සංවත්සර සැමරුම් උත්සවයේ උපහාර උළෙල අමතමින්.

එමෙන්ම නැගී එන තාක්ෂණය පිළිබඳ මුලපිරීම (iCET) පිළිබඳ සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එමඟින් රටේ තරුණ තරුණියන්ට කෘතිම බුද්ධියේ සිට විවිධ ක්ෂේත්‍රවල නව අවස්ථා නිර්මාණය කරන බව ද පෙන්වා දී ඇත.

තව ද ඉන්දියාවේ පොහොසත් අධ්‍යාපන ක්‍රමය ඉන්දියාවේ සමෘද්ධියට දායක වූ බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී අවධාරණය කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!