Gossip

ඉන්දියාවෙන් අමෙරිකාවට අමතක නොවන තෑග්ගක්…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුව තිබුණි.

ඒ අතර කාගෙත් කතාබහට ලක්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට ඉන්දියාවෙන් රැගෙන ගොස් තිබූ තෑගිබෝග පිළිබඳවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට තිළිණ කිරීම සඳහා රැගෙන ගොස් තිබුණේ සඳුන් දැවයෙන් නිමකළ මංජුසාවක්.

අත්කම් නිර්මාණයක් වන එහි නිර්මාණකරුවා රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපූර්හි ප්‍රවීණ අත්කම් ශිල්පියෙක්.

එය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සඳුන් දැව සොයා ගෙන ඇත්තේ කර්නාටක ප්‍රාන්තයේ මයිසූර් ප්‍රදේශයෙන්.

මංජුසාවේ ඉතා සංකීර්ණ ලෙස කැටයම් කළ ශාක හා සත්ත්ව රටා ද තිබේ.

එම මංජුසාව තුළ එක් කෙළවරක රිදියෙන් නිමකළ කුඩා ඝණදෙවි ප්‍රතිමාවක් තබා ඇත.

එය නිර්මාණය කර ඇත්තේ කොල්කටා හි පරම්පරාවෙන් පැවත එක රිදී නිර්මාණකරුවන් පිරිසක් විසින්.

ප්‍රතිමාව ඉදිරිපසින් රිදියෙන් නිමකර ඇති දැල්විය හැකි පහනක් තබා තිබේ.

එමෙන්ම ශ්ලෝකයක් සඳහන් කරන ලද තඹ සන්නස් පත්‍රයක් ද එම මංජුසාව තුළ තැන්පත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

එමෙන්ම විශේෂ අඩංගු කර ඇති රිදියෙන් නිමවූ කුඩා ඇසුරුම් 10 ක් ද මංජුසාව තුළ තැන්පත් කර ඇති අතර ඒවා ප්‍රදානය කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ 80 වන ජන්ම දිනය වෙනුවෙන්.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය අමෙරිකානු සංචාරයේදී ජනාධිපති බිරිඳ වන ජිල් බයිඩ්න් හට කැරට් 7.5ක වටිනාකමකින් යුත් හරිත දියමන්තියක් තෑගි කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!