Gossip

මෝදි සමග රටවල් 180 ක් එක් වෙයි…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමී උත්සවයට රටවල් 180 කට අධික සංඛ්‍යාවකට අයත් නියෝජිතයන් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

එලෙස සහභාගී වන පිරිස අතරට රාජ්‍ය තාන්ත්‍රිකයින්, කලාකරුවන්, විද්වතුන් සහ ව්‍යවසායකයින් වැනි කීර්තිමත් පුද්ගලයින් ද වන බව සඳහන්.

ජාත්‍යන්තර යෝගා දිනය ජුනි මස 21 වනදාට යෙදී ඇති අතර එහි උත්සවය පැවැත්වෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු රාජ්‍ය සංචාරය අතරතුර ඔහු එම යෝගා වැඩසටහන සඳහා නායකත්වය දෙනු ඇති.

ජූනි 20 වනදායින් ආරම්භ වන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු රාජ්‍ය සංචාරයේදී ඔහු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීමට ද නියමිත අතර අමෙරිකානු සෙනට් මණ්ඩලය ද ඇමතීමට ද නියමිතයි.

එය ඓතිහාසික අවස්ථාවක් වනු ඇතැයි විචාරකයන් මත පල කරයි.

ජුනි 23 වනදා තෙක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකාවේ රැඳී සිටින අතර අනතුරුව ඔහු ඊජිප්තුව බලා පිටත්ව යාමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!