Gossip

බලහත්කාරයෙන් සිරුරට ආපු ශුක්‍රාණුවක් නිසා ජිවිතේ හීන ඔක්කොම ඒ පුංචි කෙල්ල වයස අවුරුදු 12 දී අත්හැරියා

ගබ්සාව නීතිගත කරන්න ඕනේ කියලා පසුගිය කාලේ පුරාම සමහරු කියද්දි තවත් සමහරු කිව්වේ ඒක අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියලයි.
කොහොම වුණත් දැන් අවස්ථා දෙකකදී ගබ්සාවක් සිදුකරන්න අවස්ථාව ලැබී තිබෙනවා.
එයට අවසර ඉල්ලා මෙරට වෛද්‍යවරුන් විසින් කළ ඉල්ලීමක් අනුව නීතිපති දෙපාර්තමේන්තුව සකසන ලද පත්‍රිකාවක් අධිකරණ හා සෞඛ්‍ය අමාත්‍යවරුන් විසින් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා.
එයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් මෙය පාර්ලිමේන්තුවේ නීතියක් ලෙස සම්මත කර ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා පරා ජන්මීය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
ලිංගික අතවරයකට මුහුණදීමෙන් සිදුවන ගැබ් ගැනීම් හා මරාන්තික උපත් ආබාධ සහිත දරු ගැබක් විනාශ කිරීමට නීතියෙන් අවසර ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ සඳහා විශේෂ ක්‍රමවේදයක් පනත් කෙටුම්පතට ඇතුල් කර ඇති අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශයක් මත රජයේ රෝහලකදී පමණක් මෙය සිදුකළ හැකි බවද සඳහන්.
කොහොම වුණත් මේ සිදුවීම හා සම්බන්ධ අපූරු කතාවක් මුහුණුපොතන් අපිට ලැබුණා.
ඒ තමයි මෙවැනි සිදුවීමකින් අවුරුදු 12 දි ගැබ් ගත් තරුණියකට අත්වුණු ඉරණමක් ගැන කතාවක්.
මේ එම කතාවයි.
“මීට ටික කාලෙකට කලින්, මම පුද්ගලිකව හඳුනන දැරියක් අතවරයට ලක්වුණා ඇගේ පියාගේ මිතුරෙකු අතින්. මේ දැරියගේ වයස අවුරුදු 12 යි. වැඩිවිය පත්වෙලා මහ කාලයක් නෑ..මව මියගිහින්. කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනගත් දැරියක්.
මේ දැරිය ගැබ් ගත්තා. ලැජ්ජාවට තාත්තට කිව්වේ නැහැ. තාත්තා සිදුවීම දැනගත්තේ ප්‍රමාදවෙලා. දැරියගේ පාසල්මේ ගමන හතේ පන්තියෙන් ඉවර වුණා. දැරියගේ වයස අවුරුදු 22 ක් අද වෙද්දී. උපන් දරුවට වයස අවුරුදු 10ක්.
පියා නැති “අවජාතක” යැයි සැලකෙන දුවෙක් හදනවා ඒ දුව.
බලහත්කාරයෙන් සිරුරට ආපු ශුක්‍රාණුවක් නිසා තමන්ගේ ජිවිතේ හීන ඔක්කොම ඒ පුංචි කෙල්ල වයස අවුරුදු 12 දී අත්හැරිය.දුෂකයා අද වෙද්දී හිරෙන් නිදහස් වෙලා ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙනවා. ඒ දැරිය තවමත්, ඇය විසින් නොකළ වරදක ප්‍රතිපලයට හිරවෙලා ඉන්නවා.
මේ නීතිය එදා තිබ්බනම්? මේ වෙද්දී සමහරවිට ඒ වයස අවුරුදු 12 න් ළමා අම්මෙක් වෙච්ච අම්ම ජිවත් වෙන්න වෙන්න තිබ්බ තමන්ගේ හීන හැබෑ කරගන්න ගමන්.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!